සුපිරි හෝටලයක් ලෙසින් නම් දරා ඇති මිගමුවේ ඇවෙන්රා හෝටලයට එරෙහිව සතියක් තුල ආහාර විෂවිම් සම්බන්ධයෙන් චෝදනා දෙකක් ඉදිරිපත් වි තිබේ.
මින් එක් සිදුවිමකට
අදාල දිනය වන්නේ දෙසැම්බර් 04 වෙනිදාය.
මිගමුව ප්‍රදේශයේ පිරිසක් එදින සාදයකට සහභාගි වි තිබුණ අතර .
එම සාදයෙන් පසු එදිනම රාත්‍රියෙදි සහ පසුදින උදැසන වමනය යෑම් මේ අයට තිබුණ බවත් ඇතැමුන් නවලෝක රෝහලෙන් ආහාර විෂවිමේ රෝගි තත්වයට ලබාගෙන ඇති බවත් එම තත්වයට ගොදුරුවුවන් අප වෙත දන්වා ඇත
අනෙක් සිදුවිමට මුහුණ දුන් පිරිස කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට පසුගිය (07) පැවති සාදයකට පැමිණි
අය වෙති
ආහාර විෂවිම් තත්වය මත මේ අයගෙන් හතර දෙනෙකු කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කර තිබුන බව ඥාතිහු පවසති.
මේ සම්බන්ධයෙන් කැලණිය MOH කාර්යාලයෙන් කළ විමසුමකදි ඔවුන් කියා සිටියේ කිරිබත්ගොඩ රෝහල ඔවුන්වද දැනුවත් කළ බවය.
.තතු එසේව තිබියදඅ කටාන MOH කාර්යාලය මේ සම්බන්ධයෙන් නිසි පියවර ගත්තේද යන්න සැබැවින්ම ගැටලුවකි.
මෙය සැබැවින්ම බරපතල තත්වයකි .
ඇවේන්රා කුස්සියේ ප්‍රමිතිය පිලිබදව ගැටලු රැසක් පිලිබද හෙලිදරව්වක් අප මිට පෙරද කර ඇත්තෙමු.
මෙහි සේවකයන්ට අදාල වෛද්‍ය පරික්ෂණ සහතික නිසි පරිදි සිදුකර ඇතිද යන්න තවත් ගැටලුවකි.
අප ජලය මුදාහැරෙන්නේ පොදු කානුවක් තුලට බව තවත් චෝදනාවකි.
මේ සියළු කාරණා සම්බන්ධයෙන් අදාල බලධාරින් නොපමාව නිසි පරික්ෂණ පවත්වා මෙහි සේවය ලාබගැනිමට පැමිණෙන අයගේ සෞඛ්‍ය තත්වය සුරක්ෂා කිරීමට කඩිනමින් පියවර ගත යුතුව තිබේ.












