ගංවතුරින් ආපදාවට පත් කොච්චිකඩේ ප්‍රදේශයේ 500 කට අධික පවුල් ප්‍රමාණයකට සහල් ඇතුළු වියලි සලක බෙදා දීමේ වැඩසටහනක් අද (09/12/2025) පෙරවරුවේදී කොච්චිකඩේ ප්‍රදේශයේදී සිදු කෙරිණි.
මෙම වියලි සලක බෙදාා දීම කොච්චිකඩේ ප්‍රදේශයේ , මීගමුව මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් සහ වර්තමාන සමගි ජන බලවේග පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන බන්දුල නාඔටුන්න මහතාගේ නිවාස පරිශ්‍රයේදී පැවැත්විණි.

ගම්පහ දිස්ත්‍රික්, සමගි ජන බලවේග (ස.ජ.බ.) පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාගේ වීශේෂ ඉල්ලීමකට අනුව, ඉන්දීය ජනතාවගෙන් , ශ්‍රී ලාංකික ජනතාවට ලබා දෙන පරිත්‍යාගයක් ලෙස මේ වන විට දියත් කර තිබෙන
” සාගර් බන්දු ” මෙහෙයුමට සමගාමීව මෙම වියලි සලාක ආධාර ප්‍රදානය සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මෙරට ඉන්දීය මහා කොමසාරිස් සන්තොෂ් ජාඅහ් මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගී විය. එලෙසම ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඒ අනුව රුපියල් මිලියන 03 කට අධික වටිනාකමින් යුත් වියලි සළාක මලු මෙලෙස කොච්චිකඩේ ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පවුල් වල සාමාජිකයන් සඳහා ලබා දෙනු ලැබීය.
මෙම වියලි සලාක බෙදා දිමේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා සහ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න මහතා ඇතුළු සමගි ජන බලවේග පක්ෂයේ ක්‍රියාකාරිකයන් පිරිසක්ද සහභාගි වූහ.












