සුපිරි යැයි කියා ගන්නා ඇවෙන්රා හෝටලයේ ආහාර විෂවිම් ගැන සාක්ෂි සහිත තොරතුරු රැසක් මේ වනවිට අප වෙත ලැබෙමින් පවති.
දැඩි ජිවිත අවධානම් පවා මතුව තිබුන සිදුවිම්ද මේ අතර වේ.
මේ අය බොහෝ දෙනෙකු ඉදිරියේදි නිතියට යාමට පවා අවශ්‍ය කටයුතු වන විටත් සුදානම් කරගෙන යමින් සිටිති.
කටානේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැනද බොහෝ අය දෑස් අයාගෙන සිටිති.
මෙි හෝටල් හිමියන්ට තව දුරටත් මිනිස් ජිවිත සමඟින් සෙල්ලමි කිරිමට ඉඩ නොතැබිය යුතුව තිබේ.
සෞඛ්‍ය ආරක්ෂිතව සකසන ආහාර පාන ලබා නොදිම පමණක් නොව හෝටලයේ වැඩකරන 250කට ආසන්න සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් ගැන පවා කිසිදු සැලකිල්ලක් නොදක්වන මේ පාලකයන්ට එරෙහිව කටයුතු කිරිමට යුක්තිය අගයන සැම පෙරට පැමිණිය යුතුව තිබේ.
දැන් ඇත්තේ රාජපක්ෂලාගේ හෝ ලංසාලාගේ පාලනයක් නොවන බව ක්‍රියාවෙන්ම පෙන්වා දිමට අදාල සියලු බලධාරින් කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.












