මිගමුවේ මාලිමා මන්ත්‍රිවරියක් සභාවේ දේපල අවභාවිතා කරලද?
මිගමු මහනගර සභාවට අයත් පිටර් මෙන්ඩිස් මාවතේ ගොඩනැගිල්ලක මුදල් අයකරමින් කරගෙන යන පෙර පාසැලකි
එම ගොඩනැගිල්ලේම පහත මාලයේම පෙරපාසැලේ දරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකර පෙරපාසැලක්ද වේ.
එය පවත්වාගෙන යනු ලබන මිගමුව මහනගර සභාව විසිනි.
මහනගර සභාවට අයත් මෙම ගොඩනැගිල්ල මිට වසර ගණනාවකට පෙර ධිවර සංවිධානයකට භාවිතා කිරිම සඳහා ලංසා පවුලේ මැදිහත්විමෙන් ලබා දි තිබුන බවද සැලය.
පලාත් පාලන දේපල පවුලේ දේපලයක් යැයි ඔවුන් එදා කල්පනා කලා විය යුතුය
ගොඩනැගිල්ලේ විදුලි බිල් සහ වතුර බිල්ද ගෙවනු ලබන්නේ මහනගර සභාව විසිනි.
ඉහත මාලයේ ඇති පෙරපාසැලේ දරුවෙකුගෙන් රු 1500 මුදලක් අයකරන බවද සැලය.
වසර ගණනාවක් සිට මෙම පෙර පාසැල පවත්වාගෙන ගිය තැනැත්තිය දැන් මාලිමාවේ මන්ත්‍රිවරියකි.
මාලිමාවට සම්බන්ධවිමට කලින් ඇයට වෙනත් දේශපාලන කණ්ඩායමකට ලැදිව සිටියේද යන්න ගැන වඩාත්ම හොදින් දන්නේද කුඩාපාඩුවේ ජනයාමය.
මේ ආකාරයෙන් සභා දේපලක් අවභාවිතා කිරිමට ඉඩදි නිහඬව සිටි මිගමුව මහනගර සභාවේ නිලධාරින්ද අනිවාර්යෙන්ම මිට වගකිව යුතුව තිබේ.
මේ ප්‍රශ්ණය ගැන මෙවර මහසභාවෙිදි සංවාද වු අවස්ථාවේ ඇතැම් පුනරුද මන්ත්‍රිලා කියා තිබුනේ සුළු ප්‍රශ්ණයක් අල්ලගෙන විපක්ෂය කෑගසන බවය
අවභාවිතාවන්ට අදාලව ලොකු පොඩිකම් නැතැයි නොදන්නා මේ මන්ත්‍රිලා ගැන මිගමුව නගරාධිපතිවරයා පවා සැබැවින්ම ලැජ්ජා වනවාට සැකයක් නැත.
මේ ලිපිය අඩුම තරමින් තෙවරක් හෝ දේශපාලනය ගැන යම් පමණකට හෝ දැනුවත්විමට දළුපත මාලිමා මන්ත්‍රිවරියට හැකිවන්නේ නම් අපද ගැන සතුටු වන්නෙමු.
ලංසාලාගේ කරේ අතදාගෙන සිටින අය ගැන යම් හෝ වැටහිමක් ලැබෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.












