තලාහේන පේරුවේ කාණු පිරිසිදු කිරිමේ කොන්ත්‍රාත්තුව භාරව කටයුතු කළ සමාගම තවදුරටත් එම කොන්ත්‍රාත්තුව රු ලක්ෂ 27 කට කළහැකි යැයි කියා තිබියදි පේරුවේ ඇතැම් මන්ත්‍රිවරුන් කියා තිබුනේ යළිත් ටෙන්ඩර් කළයුතු බවය.
මේ අනුව යළිත් ටෙන්ඩර් කරනු ලැබු අතර මෙවර ද එම සමාගමගටම එම ටෙන්ඩරය ලැබි තිබුනේ රු ලක්ෂ 32 කටය.
මෙම සමාගම ටෙන්ඩර නොකරම රු කලින් වසරේ මිළ වු ලක්ෂ 27 කට කළ හැකි යැයි පසුව කියා තිබුන බව වාර්තා විය.
එහෙත් පේරුවේ එක් මන්ත්‍රි යලිත් වරක් අවධාරනය කර තිබුනේ තව සැරයක් ටෙන්ඩර් කලයුතු බවය.
මේ යාථාර්ථය නිවරදි තේරුම් ගෙන සිටි කොමසාරිස්වරිය යළිත් වරක් ටෙන්ඩර් කරනවා වෙනුවට ලක්ෂ 27 සමාගම එකවි ඇති නිසා එ අයට ලබාදිම සුදුසු බව පෙන්වා දුන් බවද සැලය.
එහෙත් මේ කිසිවකින් සෑහිමකට පත්නොවු මේ මන්ත්‍රිවරයා යලිත්.ටෙන්ඩර් කළ යුතු යැයි තදින්ස කියා සිටි යළිත් ටෙන්ඩර් කර තිබුණි.
ඒදා සැරේ ලක්ෂ 49 කට ටෙන්ඩර් දමා තිබුන අබාන්ස් සමාගම වෙනුවට කලින් ටෙන්ඩරය කළ සෙවන්ස්හිල් සමාගමට රු ලක්ෂ 42 කට හිමි විය
කෙසේ වෙතත් මේ හේතුවෙක් නගර සභාවට රු ලක්ෂ 15 පාඩුවක් සිදුව ඇතැයි වාර්තාවේ
කොමසාරිස්වරියගේ අදහස් වලට පවා පිටින් යමින් යලිත් ටෙන්ඩර් කළ යුතුය යන මතයේ පේරුවේ එක් මන්ත්‍රිවරයෙකු තදින්ම කියා සිටි බවද වාර්ථාවේ
ලක්ෂ 15 ට අමතරව අවම තරමින් දෙවරක් ටෙන්ඩර් කිරිමට අවශ්‍ය පුවත් දැන්විම් සහ තවත් දේවල් වෙනුවෙන් රු ලක්ෂ 6ක් වත් වැය වි තිබුන බවද වාර්තාවේ.












