2026 මීගමුව මංගල අයවැය ආණ්ඩු පක්ෂය ජය ගනී ?

0
584

 

2026 වසර සඳහා වන මීගමුව, මහා නගර සභාවේ ආදායම් පිලිබඳ ඇස්තමේන්තුව හා යෝජිත වියදම් පිළිබඳ විස්තර ඇතුළත් අයවැය ලේඛනය ඒකමතිකව ජය ගත් බවට මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා අද (22/12/2025) දින පෙරවරුවේ, මහා නගර සභාවේ පැවැති අයවැය විවාදය අවසානයේදී නිවේදනය කළේය .

පසුගිය දෙසැම්බර් මස 10 වැනි දින පැවති දෙසැම්බර් මාසික මහා සභා රැස්වීමේදී මෙම අයවැය ලේඛනය සභාගත කල අතර අද දින එම අයවැය ලේඛනය සඳහා වන විවාදය පැවැතිවුණි. එහිදී පක්ෂ විපක්ෂ නගරික මන්ත්‍රීවරු අයවැය ලේඛනය සම්බන්ධයෙන් සිය අදහස් පල කළහ.
පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අයවැය ලේඛනය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා සිය සමාලෝචන පිළිතුරු කතාව ඉදිරිපත් කළේය. නගරාධිපතිවරයාගේ එම පිළිතුරු කථාවෙන් පසු නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ අයවැය ලේඛනය ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැතිව ඒකමතික සභා සම්මත වූ බවයි.

මෙහිදී විශේෂයෙන්ම විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම අයවැය ‍ලේඛනය සභා සම්මත කර ගැනීම සඳහා බෙදීමක් අවශ්‍ය බවට ප්‍රකාශ කල නමුත් එහිදී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ නගර සභා ආඥා පනතේ එන නීති විධිවිධාන අනුව අයවැය ලේඛනය සම්බන්ධයෙන් නගරාධිපතිවරයාගේ සමාලෝචන පිළිතුරු කතාවෙන් පසුව නැවත බෙදීමක් ඉල්ලා සිටියද, ඉන් පසුව ඡන්දයකට යා නොහැකි බවයි. එසේ කිරීමට නගරාධිපතිවරයා ලෙස තමන්ට නගර සභා ආඥා පනතෙන් නීතිමය ප්‍රතිපාදන නොමැති බවද නගරාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. එසේ කළහොත් එය නීතියට පිටුපා වරදක් සිදු කිරීමක් බවද නගරාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම මීගමුව 2026 අයවැය ලේඛනය ඒකමතිකව සභා සම්මත වූ අයවැය ලේඛනයක් බවට නගරාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී.
එහෙත් සභා ගර්භයෙන් පිටතට පැමිණි ඇතැම් විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම නගරාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළ අතර , එම විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් මෙම අයවැය ලේඛනය සිය විරුද්ධත්වය මත ඒකමතිකව සභා සම්මත නොවූ අයවැය ලේඛනයක් බවට සඳහන් කළහ.

මේ අතර මෙයට විරෝධය පළකරමින් සජබ මිගමු ආසන  සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන අද සවස කැදවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here