ඇවෙන්රා ආහාර විෂවිමට හේතු තාමත් නැද්ද ? ඇත්තටම පණුවා කාගේද?

0
362

 

දෙසැම්බර් 2වෙනි සතියෙ බුකියේ ලොකුම සංවාදයක් වෙලා තිබුනේ ඇවෙන්රා හෝටලෙන් සාද වලදි කෑම කාලා ආහාර විෂ වුන අයගේ ප්‍රශ්ණය.

වාර්තා වුන අන්දමට දෙසැම්බර් 04/05/06/07යන දවස් වල ආහාර විෂවිම් ගැන එයට මුහුණ දුන් අය එයාලගේ අහිමිරි අත්දැකිම් පළකරල තිබුන.

මේ පිළිබදව මිපුර වෙබ්අඩවිය කරපු හෙළිදරව්වෙන් පස්සේ තමයි හුඟක් අය දැනගෙන තිබුනෙ එයාලට තිබුන ඇතැම් සංකුලතා වලට හේතුවත් ආහාර විෂවිම් තමයි කියල.

දැන් අදාල බලධාරින් වතුර සාම්පල් ගණනාවක්.අදාල තැන් වලට යවලලු තියෙන්නේ

කුකුල් මස් සාම්පල් එහෙමත්.යවල තිබුන.

වතුර සාම්පල් ආයෙත් යැව්වලු

ඒත් මේ තැන්වලින් ආහාර විෂවිමට අදාලව තවමත්
හේතු දැනගන්න බැරිවෙලා.

දෙසැම්බර් 04 /5/6/7 කියන දවද් වල ඉදන් බලන කොට
අද දෙසැම්බර් 26

සති තුනක කාලයක්

ඇත්තටම මේ ප්‍රමාදයට හේතුවත් දැන් සැකයක් නිර්මාණය කරමික්
තියෙනව.සිස්ටම් ⁣⁣චේන්ජ් කිව්වට එහෙමමත් නෑ කියල තමයි බලන් ගියාම දැන් නම් පෙන්නේ.

අනික කාරණය මේ පණු කතාව.මේ පණු මතෘකාව එලියට පැන්නෙ ඇවෙන්රා එකෙ ආහාර විෂවීම් ගැන සමාජ සංවාදය පීක් එකේම තියෙන කාලේ.

හැබැයි පණු කතාව හින්ද මේක තවත් නැගල ගියාට පණුව ගැන කතාව කියපු නිලියට නඩු දානව කියල ඇවෙන්රා එකෙන් කියපු හින්ද ආහාර විෂවිම් ගැන සංවාදෙත් ටිකක් බැහැල ගියා.

මේ හින්ද තමයි මෙ පණුවගේ ඇත්තම අයිතිකාරයා කව්ද කියන ප්‍රශ්ණය පමණක් තාමත් ඉතිරි වෙලා තියෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here