නත්තලට ටවුම සරසපු විදුලි බුබුළු ටෙන්ඩරයෙනුත් ගසා කලා!මලිමා මන්ත්‍රී ඥාතියෙකුට චෝදනා!

0
431

එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිව්වට දැන් වැඩ සිද්ද වෙන විදිය බැලුවම එලිවෙන්න කලින් ඉදලම සමහර ගැහිලි පටන් අරන්.

නත්තලට ටවුම සරසන විදුලි බුබුළු ටෙන්ඩරය මෙදා සැරේ අරන් තිබුනේ මාලිමා මන්ත්‍රි කෙනෙක්ගේ ඥාතියෙක් .ඒ වගේම එයා නගර සභාවේ වැඩකරන සේවකයෙක්.

ලයිට් 90000ක් දාන්න වගේම ගස්වල ටත් ලයිට් දාන්න ඕන කියල ටෙන්ඩර් කොන්දේසි වල තිබුනට ලයිට් 40000ක් වත් දාල නෑ වගේ කියල තමයි දැන් චෝදනා එල්ල වෙන්නේ.

මේ ⁣ගසා කෑම ගැන සමහර මන්ත්‍රිවරු නගරාධිපති රෝබට් හීන්කෙන්දගේ මූනටමත් කිව්වලු.

අනික මේ ලයිට් දැමිල්ලට විදුලිය අරන් තියෙන්නෙත් නගරසභා ලයින් එකෙන්මලු.කොන්දේසි වල තියෙන්නේ ⁣ඒ සඳහා විදුලි උත්පාදක යන්ත්‍ර යොදාගත යුතුයි කියල.

රු 480000 ක ටෙන්ඩරයක් අස්සේ ලොකු වංචාවක් වෙලා.

හැබැයි තවත් එක අඩුවක්ලු.මේ ලයිට් දැමිල්ල ගැන තාමත් බුකියට සෙල්ෆියක් නම් වැටිල නෑලු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here