මීගමුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ත්‍රී රෝද රථ හිමියන්ගේ සමිතිය විසින් 2026 අලුත් අවුරුද්ද නිමිතිකොටගෙන තම සංගමයේ සාමාජිකාවන් එක්ව අනෙකුත් ත්‍රිරෝද රථ සමිති වලට ආදර්ශයක් ගෙන දෙමින් වැඩසටහන් කීපයක් ක්‍රියාවටවට නංවා තිබුණි.
එදින පෙරවරුවේ සංගමයේ සාමාජිකාවන් එක්ව එකිනෙකා වැළඳ ගනිමින් ආචාර කර නව අවුරුද්දට සුභ පැතීම පළමුව සිදු කරන ලදී.
පසුව තම සංගමයේ නාම පුවරුව ඉදිරිපිට සියලු සාමාජිකයෝ එක්ව සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.
අනතුරුව කිරි උතුරුවා අලුත් අවුරුද්ද සාමෙන් හා සතුටෙන් ගත කිරීමට ප්‍රතිඥා දෙන ලදී.
මෙම අවස්ථාවට සංගමයේ පැරණි සාමාජිකයන්ට ආරාධනා කර තිබීම විශේෂ සිද්ධියක් විය.
සංඝමේ සභාපති ගාමිනී මහතා පසුගිය වර්ෂයේ තමන්ගෙන් සිදු වූ අඩුපාඩු හදාගෙන නව වර්ෂයට මුහුණ දීමට අදිටන් කර ගන්නා ලෙස,සාමාජිකයන් දැනුවත් කළේය,තමන් අදහන ආගම අනුව ස්ථානගතවී ආගම සිහිකිරීමට මෙහිදී අවස්ථාව සලසා දෙන ලදී,

සංග්‍රහ මේසය ඉතා හොඳින් සූදානම් කර තිබූ අතර දුම්රිය ස්ථානයේ සේවක මහතුන්ට ද මේ සඳහා ආරාධනා කර තිබුණි.
මෙම අවස්ථාව දැක බලා ගැනීමට පැමිණි අයටද කිරිබත් හා පැණිරස කැවිලි වලින් සංග්‍රහ කිරීම මෙහිදීී සිදුවිය.
දුම්රියෙන් ගමන් බිමන් යාමට පැමිණි විදේශීය සංචාරකයෝද සංග්‍රහ මේසයට සහභාගි වූහ,වෙනදා මෙම ත්‍රීවීල් රථවලින් ගමන් බිමන් යන මගීහූද මෙම අවස්ථාවට සහභාගි වී සතුට බෙදා ගත්හ.
රේමන්ඩ් ආපොන්සු
















