දළුපත යටවුන එකට ඇලක් උඩ හදල තියෙන ෂේඩ් එකත් හේතුවක් ?

0
507

 

කොළඹ හලාවත පාරේ ඇති දළුපත ෂෙඩ් එකට ගොස් ඔඛේ වාහනයට ඉන්ධන ලබාගන්නා විට ඔබ ඉන්නේ ඇලක් උඩ බව ඔබ දන්නවාද ?

දලුපත’දෙපා ඇල’ නම්වූ මේ ඇලට නිසි පරිදි ජලය ගෙනයා නොහැකි නිසා වැසි
දින වලදී එම ජලය පිටාර ගලමින් අසල තැබෑරුම් වත්ත ඇතුළු ප්‍රදේශ යටකරමින් එම ජනතාව පීඩාවට පත්කරන බව ඔබ දන්නවාද ?

පසුගිය දිනවල ඇද හැලුන වැසිද සමඟින් දළුපත දරුණු ලෙස යටවිම හේතුවෙන් විශාල පුවල් ගණනක් පිඩාවට පත්විය.

මේ ඇලට ගලායාමට තිබුණු නිසි මාර්ගයේ මීට පෙර ලොකු බෝක්කුවක් සහ පාර දෙපැත්තේ යකඩ වැටවවල්ද තිබූ අතර දැන් මෙම යකඩ වැටවල් නැත.

පාරවල් පළල් කිරීමේ ව්‍යාපෘතියක අවස්ථාව ප්‍රයෝජනයට ගත් එක්තරා අවස්ථාවාදී ව්‍යාපාරිකයෙක් එකල පොදු පෙරමුණු රජය තුළ සිටි දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරියේ බලය උපයෝගී කරගෙන මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකර ඇත.

අපට ආරංචි වන ආකාරයට ඉතාලියේ සිට සල්ලි වීසිකර එම සල්ලි ඉහතකී අධිකාරී වල සිටින මහත්වරු දෙකට තුනට නැමී ඒවා අහුලාගත් පසු , තම පුද්ගලික අභිමතාර්ථය සපලකර ගැනීමට අදාළ ව්‍යාපාරිකයා සමත්වී ඇත.

තැබෑරුම්වත්ත ප්‍රදේශවාසීන් මේ පිළිබදව වගකිවයුතු අයව දැනුවත් කර පෙත්සම් ආදී මගින් මීට එරෙහිව ක්‍රියාත්මක වූ නමුත් ආත්මාර්ථකාමී පාලකයන්ගේ අනුදැනුම මත සිදුවූ දෙයක්නිසා ජනතාව පරාද වී ව්‍යාපාරිකයා ජයගන්නා ලදී.
දැන් ඇත්තේ පුනරුද පාලනයකි.කලින්ම මෙන්ම වටි මඩි ගැහිලි වංගු ගැහැලි වලට කිසිදු ඉඩක් දැන් දේශපාලන අධිකාරිය තුල නැත.

ජනපති අවධාරණය කළ පරිදි අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතුව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here