මෝඩ ඇමතිලා නිසා,ජීවිත කීපයක්ම බිලි ගත් මාරක ගල් බැම්මක්

0
414

මීගමුව කැපුන්ගොඩ නැංගුරම් තොටුපොළ;
මේ තියෙන්නේ මීගමුව ආසනයේ කැපුන්ගොඩ ධීවර යාත්‍රා නැංගුරම් තොටුපලයි.
2009 කාලයේදී මෙම නැංගුරම් තොටුපොළ ඉදිකිරීම එවකට පැවති රජයේ ධීවර ඇමතිවරයාගේ මැදිහත් වීම යටතේ සිදුවූ අතර ප්‍රදේශයේ ධීවරයන්ගේ සහ ඉංජිනේරුවරුන්ගේ මතයට අනුව මුහුදු වෙරළේ සිට නිශ්චිත ප්‍රමාණයක් මුහුදු දෙසට කළු ගල් බැම්මක් ඉදිකර මෙම නැංගුරම් තොටුපොළ ඉදිකිරීමට සැලසුම් කරන ලදී.

එම ඉදිකිරීම් කටයුතු ඉතා සෙමින් සිදුවූ අතර 2010 රාජපක්ෂ ආණ්ඩුවම නැවත බලයට පත් වූ අතර එම ආණ්ඩුවේ නියෝජ්‍ය ධීවර අමාත්‍යවරයා මෙම නැංගුරම් තොටුපොළ ඉදිකිරීමේ සැලැස්ම වෙනස් කළ අතර අවසානයේ නැංගුරම් තොටුපොළ ක් වෙනුවට ජනතාවට හිමිවූයේ ජීවිත කීපයක්ම බිලි ගත් මාරක ගල් බැම්මක් සහ වැලිවලින් පිරුණු වෙරළක් පමණි.
අවස්ථාවෙන් අවස්ථාවට මෙම ගල් බැම්ම වෙනස් කළ අතර අද වන විට මුල් සැලැස්මේ තිබූ කිසිවක් මෙහි දැකිය නොහැක. මේ මොහොත වන විට කිසිදු සැලැස්මක් නැති හුදු ගල් බැම්මක් පමණක් දැකගත හැකි අතර ඒ නිසාම මුහුදේ විශාල කොටසක් වැලි වලින් පිරී ඇත.

FB IMG 1767522143700FB IMG 1767522140396
මෙම නැංගුරම් තොටුපොළ ඉදිකිරීමේ මූලික අරමුණ වූයේ වාරකන් සමයේදී ධීවරයන්ට මුහුදට බෝට්ටු සහ තෙප්පන් දියත් කිරීමට අවස්ථාව උදාකර දීමයි.

එහෙත් දැන් වාරකන් සමයට බෝට්ටුවක් හෝ තෙප්පමක් මුහුදට මෙම ස්ථානයෙන් දියත් කරනවා තියා ඒ ගැන හිතන්නවත් බැරි තරම් භයානකය.
මුහුදේ රළ ටිකක් සැර වන අවස්ථාවකදී මෙම සැලසුමකින් තොරව දමා ඇති ගල් බැම්මේ බලපෑම නිසා බෝට්ටු අනතුරට පත්වූ අවස්ථා කීපයකි.
පමුණුගම, සරක්කුව, කැපුන්ගොඩ, සෙත්තප්පාඩුව දුන්ගාල්පිටිය සහ තලාහේන වැනි ප්‍රදේශවල මුහුදු රැකියාව කරන ධීවරයන්ට මෙම නැංගුරම් තොටුපොළ භාවිතා කිරීමට හැකි වන්නේ වලාල කාලයට පමණි.

මේ නිසා වාරකන් සමයේ සහ මුහුද රළ සැරවෙන කාලයට බෝට්ටු සහ තෙප්පන් වලින් රැකියාවේ නිරත වන ධීවරයන්ට මුහුදු රස්සාව කිරීමේ අවස්ථාව අහිමි වී ඇත.

මේ පිළිබඳව මේ වන විට, ප්‍රදේශයේ නාගරික සභිකයින් විසින් මීගමුව භාරව සිටින මන්ත්‍රීවරයාට දැනුවත් වී ඇති අතර, මේ ගැන මීගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී සාකච්ඡා කිරීමට යෝජනා කර ඇති අතර මෙම නැංගුරම් තොටුපොළ නිසි පරිදි සකස් කරදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
මෙම නැංගුරම් තොටුපළ නිසි පරිදි ඉදිකර දෙනු ලබන්නේ නම් වර්ෂය පුරාවටම මුහුදේ ධීවර වෘත්තීය කිරීමේ හැකියාව ධීවරයන්ට ලැබෙනු ඇත.

මේ අතර මීගමුව, කැපුන්ගොඩ නැංගුරම් තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව එම ප්‍රදේශයේ ජනතාව විසින් දැනුම් දීමෙන් දවසක් තරම් කාලයක් ඇතුලත එම අවශ්‍යතාව පිළිබඳව විමසා බැලීමට ක්‍රිඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා අද දින (2026.01.04) එම ස්ථානයට පැමිණියේය.
නැංගුරම් තොටුපොළේ තත්ත්වය පිළිබඳව ප්‍රදේශයේ ධීවරයන් සමග කතාබහක නිරතවී මෙය ප්‍රතිසංස්කරණ කිරීමට ඇති හැකියාව සොයා බලා එම අවශ්‍යතාවය ඉටුකිරීමට ඔහු ධීවරයන්ට පොරොන්දු විය.
මෙම අවස්ථාවට කැපුන්ගොඩ/සෙත්තප්පාඩුව නාගරික මන්ත්‍රී ඉෂාර මහතාද සහභාගි විය.

අරුණ ශාන්ත නෝනිස්
2025.01.03

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here