දෙසැම්බර් මාසය පුරාවටම සමාජ මාධ්‍ය තුල වැඩි අවධානයක් දිනාගත් සිදුවිමක් බවට පත්ව තිබුන ඇවෙන්රා හෝටලයේ ආහාර විෂවිමේ සිදුවිමට ආදාල වාර්තා මේ වන විට සුදානම්ව ඇතැයි දැනගන්නට තිබේ.
මේ වාර්තා ලබන සතිය වනවිට ලැබිමට නියමිතව තිබේ.
මෙම වාර්තා ලැබිමට මාසයකටත් වඩා වැඩි කාලයක් ගතව තිබිමද සැබැවින්ම ගැටළු සහගත බව නම සඳහන් කිරිමට අකමැති ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙකු මිපුර කල විමසුමකදි කියා සිටියේය.
කෙසේ වෙතත් දින කිපයක්පුරා දහස් ගණනකට ආහාර විෂවිම් සිදුව තිබියද අදාල බලධාරින් මේ සිදුවිම අරභයා ප්‍රමාණවත් අවධානයක් යොමුකලේද යන්න ගැටළු සහගතය.
ඇවෙන්රා මොණර කොළ අභියස කව්රුන් හෝ ඇඹරුනාද යන ප්‍රශ්ණයද සමාජය තුල තවදුරටත් වලංගු එකක් ලෙස පවති.












