මීගමුව නගර මධ්‍යයේ ලාෆ් සුපරි වෙළඳ සැල අසල දැනට ඉදිකෙරෙමින් පවතින සිව් මහල් ගොඩනැගිල්ල පිළිබඳව දැන් කලක පටන් මීගමු නගරයේ පුරවැසියන් අතර දැඩි කතාබහක් මතුව තිබුණි . ඊට ප්‍රධාන හේතුව වි තිබුනේ මීගමුව මහා නගර සභාවේ නිසි අවසරයකින් සහ අනුමැතියකින් තොරව මෙම සිව් මහල් ගොඩනැගිල්ල නීති විරෝධී ලෙස ඉදිකරමින් පවතින බවට දැන් කලක පටන් චෝදනා එල්ලවෙමින් තිබිම හේතුවෙනි
පසුගිය ජුනි මාසේදි නගරාධිපති රොබට් හීන්කෙන්ද ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිසක් මීගමුව නගරයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී ද මෙම ගොඩනැගිල්ල පිළිබඳව දැඩි අවධානයක් ොමු කර තිබුණි
මේ පිළිබඳව පසුගිය ඔක්තෝබර් මාසයේදි මීගමුව නාගරික කොමසාරිස් තුමියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ ,මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වන සැලසුම අනුමත කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් බවත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී නිත්‍යානුකූල ගැටලු කිහිපයක් මතුව ඇති බවත්, එම ගැටලු පිළිබඳව මේ දිනවල නගරාධිපතිවරයා විසින් යම් විමර්ශනයක් සිදු කරමින් පවතින බවත්ය.
මේ අතර කර්මාන්ත කාරක සභාවද මේ ගැන අවධානය යොමුකර ඇති බවද වාර්තා වේ . මේ සම්බන්ධයෙන් අනුමැතිය ලබා ඇති ඇති ආයතන නිලධාරින් සමගින්ද ඉදිරි දිනවල සාකච්ජා පැවැත්විමට නියමිත බවය.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධාරණය කළ ඇය ප්‍රකාශ කළේ මෙම ගොඩනැගිල්ලට අනුමැතිය ලබාදීමේදී නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇති ආකාරයේ යම් ගැටලුකාරී තත්ත්වයක් දක්නට ලැබෙන බවය.
මේ අතර මිපුර වෙබ් අඩවිය විසින් මිගමුව නගරාධිපතිවරයාෙග් අවධානට ප්‍රධාන ප්‍රශ්ණ 20 ක් යොමුකර තිබුන අතර මේ සිව් මහල් ගොඩනැගිල්ලද ඉන් එකකි.
මේ පිළිබදව නගරාධිපතිවරා ඉදිරියේදි නිසි අවධානය යොමු කරනු අතැයි අප විශ්වාස කරමු












