අප ජලය පාරට දාන Mr.කොත්තුට එරෙහි නඩුව හෙට(22)

0
327

මිගමුවේ ගල්කන්ද හංදියේ පිහිටල තියෙන Mr.කොත්තු ආපන ශාලාවට විරුද්ධව ප්‍රදේශවාසින් බරපතල චෝදනාවක් දැන් කලක පටන්ම එල්ල කරල තිබුන.

මොකද එයාලගෙ අප ජලය ෂේප් එකේ බිත්තියෙන් හිලක් හදල අවට නිවැසියෝ යන පාරට යවනව කියන එක තමයිමේ චෝදනාව

දැන් කාලයක් තිස්සේම මේක වෙමින් තියෙනව කියල තමයි ප්‍රදේශවාසින් කියන්නේ.එයාල ගාව ඇති තරම් සාක්ෂිත් තියෙනව මේ කොත්තු මහත්තුරු කරන කැත වැඩේ ගැන.

IMG 20251127 WA0073
සිදුරු වලින් අප ජලය පාරට යවන අයුරු…

මිපුර අපි දිගින් දිගටම මේ ප්‍රශ්ණෙ මතුකළා.

ජුනි මාසෙත් මේ ගැන ලිව්වා.මේ ගැන අවට නිවැසියෝ මහජන සෞඛ්‍ය මහත්තුරු ඇතුලු වගකිව යුතු අයවත් දැනුවත් කරල තිබුනත් මේ කැත වැඩේ කොත්තු මහත්තුරු දිගටම කළා.

ලැජ්ජයි .

පහුගිය දවසක අතටම අහුවුනා.වතුර පාර⁣ට ෂේප් එකේ යවන වෙලාවක ඒ පැත්තේ කෙනෙක් විඩියෝ කරල තිබුන.

අපි මේක පළකළා.

IMG 20250619 WA0052
අප ජලය පාරට යැවිම සඳහා සිදුරු සාදා ඇති අන්දම

Mr.කොත්තු මේ වැඩේ කැතයි හොඳේ.ඉක්මනින් මහත්තුරු වගේ වැඩකරන්න පටන් ගන්න.

ලොව පරසිදු නගරයක් වුනත් මිගමුවේ ආපනශාලා වර්ගිකරණය කරන H800කියන වැඩසටහන පටන් ගන්න දශක දෙකක් ගිහිල්ලත් අපේ PHI මහත්තුරුන්ට තාමත් බැරිවෙලා

කමක් නැ දැන්වත් මිගමුවේ ආපන ශාලා ප්‍රමිතිය අනුව වර්ගිකරණය වැඩේට අතගහමු නේද.අනික Mr.කොත්තුලට තොත්තු.නොදි මෙදා සැරේ තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.

ප්‍රදේශය භාර PHI මහත්තයා Mr.කොත්තුට එරෙහිව දාපු නඩුව හෙට මිගමුවේ මහාධිකරණයේ තියෙනව.

ප්‍රදේශවාසින් පිරිසතුත් නඩුවට යනව කියල තමයි දැනගන්න තියෙන්නේ.

 

 

Video Player

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here