ඇවෙන්රා හෝටලය සම්බන්ධයෙන් පසුගිය කාලය තුල එල්ල වු ප්‍රබලම විවේචනය වුයේ ඔවුන් සිය සේවාලාභීන් ගැන සැබැවින්ම තැකීමක් කරන්නේද යන ගැටළුවයි.
2023 දෙසැම්බර් මාසයේදි හෙළිවුයේ ඉතාමත් අපිසිරිදු මුළුතැන් ගෙයක් මෙන්ම සෞඛ්‍යාණුකූල නොවන ආකාරයෙන් අහාර ගබඩා
කිරිම තුලින්ම සිය සේවලාභින් හට සෞඛ්‍ය ආරක්ෂිත ලෙස උසස් ප්‍රමිතියකින් යුත් අහාර පාන සැපයීම සම්බන්ධයෙන් අවධානයක් ඇවෙන්රා හිමිකාරිත්වය වෙත නැති බවය.
2025 දෙසැම්බර් මුල සතිය දින කිපයක් පුරාවට ආහාර විසවිම් කීපයක්සිදුව තිබුණ අතර ඉන් පිඩාවට පත් පිරිස දහස් ගණනක් විය..
මින් කියැවෙන්නේ කුමක්ද?
තමන්ගේ සේවාව ලබාගැනිමට එන අයගේ සෞඛ්‍ය ආරක්ෂිත බව රැකිමට වෘත්තිමයභාවයක් සහිත වැඩපිළිවෙළක් ඇවෙන්රා හිමිකාරිත්වය තිබේද?
ආහාර විෂවිම් සිදුවිම් වලින් පසුව පවා සිය පාරිභෝගිකයන් හට බෝතල් කළ පානිය ජලය සැපයීම කඩිනම් කිරිමට පියවරක් ගෙන තිබුනේද නැත.
දැන් තවත් චෝදනාවකි.
එය වඩාත් බරපතල වන්නේ ජනප්‍රිය සංගිත කණ්ඩායමක් විසින්ම මේ චෝදනාව එල්ල කර තිබිමය.
Dmajor කණ්ඩායම් නායක හෙක්ටර් ඩයස්ගේ ජංගම දුරකතනය හෝටලය තුල අස්ථානගතවිම සහ එය සොයා ගැනිමට කිසිදු උද්යෝගිමත් මැදිහත්වීමක් ඇවෙන්රා හිමිකාරිත්වය යටතේ පවතින ෆුල්මූන් හෝටලයේ පාලනාධිකාරය විසින් සිදුකර නොතිබිමය
මේ සම්පුර්ණ ව්ස්තර D Major
කණ්ඩායම සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබුනි.
ඊයේ දිනයේදී කටුනායක Full Moon හොටෙල් පරිශ්‍රයේදී අපගේ ප්‍රසංගයක් පැවැත්වුණා.
එහිදී මගේ දුරකථනය අස්ථානගත වුණා. අප කණ්ඩායමේ සියලු දෙනාම විධිමත්ම එය සෙවුවද, එය සොයා ගැනීමට නොහැකි වූ නිසා හෝටලයේ කාර්ය මණ්ඩලය දැනුවත් කර අප ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා අපිට CCTV බලන්න අවශ්‍ය බව සහ මෙම ආයතනයේ වගකිවයුතු ඉහළ නිලධාරියෙකුගේ දුරකථන අංකයක් අපට ලබා දෙන්න යනුවෙන් නමුත් ඔවුන් ඉතාමත්ම උදාසීනව තමයි ඒ අවස්ථාවේදී කටයුතු කළේ, මෙය ඉතාමත්ම සැහැල්ලුවට අරගෙන වගකීමක් නොමැති ආකාරයට ඔවුන් හැසුරුනේ. නමුත් ලොකු පරිශ්‍රමයකින් අනතුරුව CCTV Maintain කරන පුද්ගලයා හමුවී අප පරීක්ෂා කළ ද, එම වෙලාවට අදාල දර්ශන පමණක් නොව එම දවසට අදාළ දර්ශනද එහි තිබුනේ නෑ. මෙම සිදුවීම ඊයේ රාත්‍රී 11.15 – 12.00 අතර වේලාවක සිදු වී ඇති අතර ඊට කලින් දිනත් 12.00 පසුව අලුයම අද දිනයේත් CCTV දර්ශන සටහන් වී තිබුණා.
මෙම සිදුවීමට අදාළ කරුණු සොයාගෙන යෑමේදී අපට පැහැදිලි වූයේ මෙම ස්ථානයේ කුමන හෝ ආකාරයක සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි. එයට හේතුව වන්නේ මෙලෙස මෙම ස්ථානයේදීම අප මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවන නිසාත්, අප හිතවතුන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ටද මෙවැනි වූ අකාරයේ සිදුවීම් රැසකට මෙම ස්ථානයේදීම මුහුණ දීමට සිදුවී ඇති බව අපට දැන ගැනීමට ලැබුණ නිසාවෙනි.
මිනිසුන් විවිධාකාර නිසා අපට මිනිසුන් විනිශ්චය කිරීමට බැහැ. නමුත් වගකිවයුතු ආයතනයක් ලෙස සාමාන්‍යයෙන් එතැනට පැමිණෙන මිනිසුන්ගේ වගකීම ඔවුන් සතුයි. ඒ වගකීම මෙන්ම ආයතනයක් පිළිබද මිනිසුන් තබන විශ්වාසයද ඔවුන් පැහැර හැරියා.
නමුත් අවසානයේදී අප කණ්ඩායම technology එක use කරගෙන phone එක track කළ විට phone එක ඇති ස්ථානය ලෙස පෙන්නුම් කලේ staff quarters එකයි. ඒ සමග අප සීදුව පොලිස් ස්ථානයේ නිලධාරී මහතුන්ද සමග එක් වී විශාල පරිශ්‍රමයකින් අනතුරුව එය සොරා ගත් පුද්ගලයා අසල තිබී අපට දුරකථනය හමුවුණා. එහිදී ඔහූ full time අප සිටි table එකට serve කළ steward ලෙස අප හදුනාගත්තා.
එහිදීද ඔවුන් පැවසූවේ
“තමන්ගේ බඩු තමුන් පරිස්සම් කර ගත යුතුයි” යනුවෙනි.
අවසානයේදී මට ඔබට කීමට ඇත්තේ, ඉදිරියේදී ඔබට මෙම ආයතනයට පැමිණීමට සිදුවේවි. එහිදී ඔබගේ වටිනා බඩුබාහිරාදියෙහි ආරක්ෂාව සහ වගකීම ඔබම සපයා ගත යුතු බවයි. එමනිසා ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත්ව පැමිණෙන්න.
ආවසානයේදී නැවත වාරයක් සීදුව ස්ථානයේ නිලධාරීන් හට මාගේ හද පිරි ස්තුතිය පුදු කරනු ලබනවා…
ස්තුතියි…!!
DMAJOR team
Fullmoon Garden Hotel
#negombo #katunayaka #DMajor #StolenPhone













