මිගමුවේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය දියුණු කරන්න පුනරුදයට වැඩපිළිවෙලක් තිබේද ?

0
258

 

 

IMG 20251123 155322

 

ප්‍රධාන ලෙල්ලම් තුනක් එක සමිපයේ පිහිටා ඇති මංකුලිය ප්‍රදේශය මිගමුවේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානවලින් එකකි.

මිගමුව අළුතින් ගොඩනැගිම අරභයා ගනු ලබන උත්සාහයන්  වලදි අනිවාර්යෙන්ම මේ කලාපයට අදාල යටිතල පහසුකම් සම්බන්ධයෙන් විධිමත් සැලැස්මක්එ අනුව කටයුතු කලයුතුව තිබේ

ලෙල්ලම තුල සිදුකරනු ලබන ආර්ථික ක්‍රියාකාරකම් වලට අමතරව මෙම ලෙල්ලම් තුන විදේශිකයන්ගේද සංචාරක ආකර්ෂණය දිනා ගත් මිගමුවේ ප්‍රධාන තැනක් බවට පත්ව තිබේ.

මේ සියළු කරුණු සැලකිල්ලට ගෙන මේ ආර්ථික කලාපය හෙටගැලපෙන සේ අදම දියුණුකරන්නට පටන් ගත යුතුය.

  • IMG 20260122 054347 copy 800x513

පොදු වැසිකිලි පහසුකම් දියුණු කිරිම

පොදු වැසිකිලියක් නැති මිගමුවේ ලෙල්ලම් කලාපය

මීගමුවේ වැඩි ජනකායක් දිනපතා රැස්වෙන ප්‍රධාන ස්ථානය බවට ලෙල්ලම පත්ව ඇති බව අවිවාදිතය.

එහි කටයුතු අලුයම එකේ පමණ සිට ඇරඹේ.

මෙහි යන එන පිරිස දහස් ගාණද ඉක්මවනු ඇත.

තතු එසේ වුවද ( පොදු වැසිකිලියක් ) ඕන කෙ⁣නෙක්ට  යන්න පුලුවන් තත්වයේ තැනැක් නැත.

මෙම ස්ථානය නැරඹිම සැලකිය යුතු විදේශීකයන් පිරිසක් දිනපතා පැමිණෙති.

මේ සියළු කරුණු සැලකිල්ලට ගැනිමේදි හොද මට්ටමෙ පොදු වැසිකිලයක අවශ්‍යතාවය දැඩිව පවති

IMG 20260122 054543 copy 800x554

රථගාල් පහසුකම් වැඩිදියුණු කිරිම

රථගාල් පහසුකම් ඇත කිරිමට යැයි කියා නිමල් ලංසා විසින් කලපුව අයිනේ කඩොල් ගස් කපා කටයුතු කරන්නට යන බව පෙන්වා දි , පසුව ඒ ඉඩ පවා කඩ සහ වෙනත් දේවල් සඳහා යෙදිමට එදා කටයුතු කර තිබුණි

රටේ ප්‍රදේශ රැසකින් දිනපතා මාළු තොග මේ ලෙල්ලම් වලට පැමිණේ.මේ රථද ගාල් කර තැබිමට තැනක් අවැසිය.

එපමණක් නොව දිනපතා විශාල වශයෙන් පාරිභොගිකයන් මෙන්ම ව්‍යපාරිකයන් රැසක් මේ කරා එති

මේ සියලු කාරණා සැලකිල්ලට ගැනිමේදි මිගමුවේ ප්‍රධානතම ආර්ථික කලාපයක් වු මිගමුව මේ අත්‍යවශ්‍ය පහසුකම් වෙනුවෙන් මිගමුව මහනගර සභාවට විශාල වගකිමක් පැවරේ.

පසුගිය දිනවලදි පවා කතා බහට ලක්වු නඩු තීන්දුව සහ රථගාල් කිරිමේ ටෙන්ඩරය ආදි කරුණු පවා සැලකිල්ලට ගනිමින් රථගාල් කීරිමට අදාලව විධිමත් සැලැස්මක සකස් කළ යුතුව තිබේIMG 20260122 054437 copy 662x554

සංචාරකයන්ට මෙන්ම අනෙකුත් අයටද අවශ්‍ය තොරතුරු ලබාදිම සදහා තොරතුරු කවුළුවක්

ඉතා සුලු මට්ටමෙන් හෝ මෙවැනි වැඩපිලිවෙලක් සංවිධානය කිරිමේ වැදගත් කම විදේශීය  සංචාරක ආකර්ශණය පැත්තෙන් පවා ඉතාමත් වැදගත් අංගයක් වේ.

InShot 20260122 055116605 copy 443x554

 

බැංකු  කටයුතු හා එහි සේවාවන් වැඩිදියුණු කිරිම.

මෙවන් ආර්ථික කලාපයකට අත්‍යවශ්‍ය අංගයක් වු ATM යන්ත්‍ර පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ.

දැනට ස්ථාපිත කොට ඇති ඉඳුවර බැංකුවේ ATM යන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක නැතැයි බොහො අය කියා සිටිති.

මේ පසුබිම තුල යම් කිසි අයෙකුටද මුදල් ලබාගැනිමට අවැසි නම් නගරය දෙසට යා යුතුව ති⁣බේ

මීට මාස කිහිපයකට ඉහතදි විවෘත කළ  කාර්ගිල්ස් සුපර්මාර්කට් ශාකාවේ මංකුලිය ශාඛාව අසල HNB ATM නිතරම ජනයා සිටිම තුල පවා මෙය වඩාත් පැහැදිලිය.

ආරක්ෂාව

රු කෝටි ගණනක මුදල් සංසරණයක් මේ ලෙල්ලම් කලාපය තුල ක්‍රියාත්මකය.දැනටමත් පොලිස් මුරපලක්ද ස්ථාපිතය.ආරක්ෂාව තවත් ව්ධිමත් කළ යුතුව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here