ගම්පහ දිස්ත්‍රික්කයේ වාසස්ථාන ගැටලුව පුනරුද ඇමතිගේ අවධාරණයට !

0
366

ශ්‍රමාභිමානී කේින්ද්‍රයේ මුලිකත්වයෙන් ඉඩම් අයිතිය සදහන් ජනතා ක්‍රියාකාරිත්වය විසින් සංවිධානය කළ සාකච්චාවක් 2026 ජනවාරි 12 වැනි දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හා කම්කරු නියෝජ්‍ය ආමාත්‍ය ගරු මහින්ද ජයසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

මෙහිදි විශේෂයෙන් සාකච්චාවට බදුන් වුයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින වාසස්ථාන ගැටලුව පිළිබදවයි. කටුනායක, මිගමුව, වත්තල, ජාඇළ, කටාන, ප්‍රදේශවල මෙන්ම නිදහස් වෙළද කලාපවල සේවයේ නියුතු කම්කරු කණ්ඩායම් මෙන්ම මලයග තමිල් ප්‍රජා නියෝජිතයින්ද සහභාගිවිය. මෙම අවස්ථාවට සිවිල් සංවිධාන නියෝජිතයින්ද සහභාගි විය.

FB IMG 1769063487413 FB IMG 1769063478726 FB IMG 1769063472103 FB IMG 1769063466787 FB IMG 1769063461664

සාකච්ඡාවේදී ඉදිරිපත් වූ ප්‍රධාන කරුණු
සාකච්ඡාව අමතමින්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පහත කරුණු අවධාරණය කළේය.

“ඉඩමක් නොමැති අයට ඉඩම් ලබාදීම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පහසු කාර්යයක් නොවේ. ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් රජයේ ඉඩම් පවතින අතර, එම නිසා මෙය විසඳා ගැනීම සඳහා විධිමත් හා දිගුකාලීන සැලැස්මක් සකස් කළ යුතුය.
මෙය දවසකින් දෙහෙකින් අවසන් කළ හැකි කාර්යයක් නොවුවද, ඔබගේ ගැටලුව අහක දාන්නට අපේ කිසිදු අදහසක් නැහැ. දැනටමත් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තුළ විවිධ ආකාරයෙන් මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.”

එමෙන්ම, කුලී නිවෙස්වල ජීවත් වන ජනතාව නියෝජනය කරමින් එක් නියෝජිතයෙකු මෙසේ අදහස් පළ කළේය.

“අපි පරම්පරා තුනක් පුරා අරගල කළා. තවත් පරම්පරාවක් යනතුරු බලන් ඉන්න වෙයිද කියලා අපිට බයයි.”
සාකච්ඡාව අවසානයේ ගත් තීන්දු
දිගු සංවාදයකින් අනතුරුව, වාසස්ථාන ගැටලුව විසඳා ගැනීම සඳහා පහත තීන්දු හා යෝජනා සම්මත කරගනු ලැබිණි.

නිවාස අමාත්‍යවරයා සමඟ නැවත සාකච්ඡාවක්
වාසස්ථාන ගැටලුව සම්බන්ධයෙන් නිවාස අමාත්‍යතුමා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා වූ අතර, එම සාකච්ඡාව සංවිධානය කිරීමේ වගකීම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා භාරගත්තේය.
කුලී නිවෙස් ගැටලුව සඳහා විශේෂ ක්‍රියාමාර්ග
කුලී නිවෙස්වල පවතින ගැටලු පිළිබඳව ප්‍රාදේශීය මට්ටමේ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර, එම කරුණු දිස්ත්‍රික් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට එකඟ විය.
එමෙන්ම, විද්වතුන් සහිත විශේෂ කමිටුවක් පිහිටුවීමටද යෝජනා විය.
ඉඩම් අයිතිය සහ නීතිමය ලේඛන ලබාදීම කඩිනම් කිරීම
වත්තල, ජාඇල සහ මීගමුව යන ප්‍රදේශවල ඉඩම් සඳහා
අයිතිය
බලපත්‍ර
සින්නක්කර ඔප්පු
ලබා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් කිරීමට යෝජනා විය.

ජනතා සහභාගීත්වය සහතික කිරීම
හදිසි මට්ටමේ හෝ දිස්ත්‍රික් මට්ටමේ සිදුකරන විශේෂ සාකච්ඡාවලදී ජනතාව සෘජුව හවුල් කරගෙන කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය අවස්ථා ලබාදෙන බවත් එකඟතාවයකට පැමිණියහ.
ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම
මෙම සාකච්ඡාව කතාබහට පමණක් සීමා නොකර, ඉදිරියේදී ගන්නා පියවරයන්ගේ ප්‍රගතිය මැන බැලීම සඳහා නිරන්තර අධීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here