ටෙන්ඩරයෙන් ආවරණය නොවන තැන්වලත් පාපැදි යතුරු පැදි වලින් ටිකට් කඩන බව වාර්තාවිමත් සමඟින්ම ක්‍රියාත්මක වු නගරාධිපති රොබට් හීන්කෙන්ද මේ ගැන සොයා බැලිම සඳහා එහි ගොස් තිබුණි.
කාමච්චෝඩේ කොරනේෂන් එක අසල පාපැදි යතුරු පැදිවලින් ටිකට් කඩන වයෝවෘද්ධ පුද්ගලයෙකු එහිදි නගරාධිපතිවරයාට හමුවි ඇත.
ටෙන්ඩරයට අදාල නැති තැන්වල ටිකට් කැඩිමට කිසිදු අයිතියක් නැතැයි කි නගරාධිපතිවරයා අදාල පුද්ගලයාව ඊයේ දිනයේ නගරසභාව වෙත කැදවා තරයේ අවවාද කර තිබුනේ යලිත් වතාවක් එසේ කර තිබුනහොත් පොලිසියට භාරදෙන බව කියමිනි.














