මාදැල් අර්බුදය දිග්ගැස්සෙයි.පවුල් පි⁣ටින් පාරට එන බව කියයි

0
355

 

මාදැල් කර්මාන්තයේ ශ්‍රම හිඟ ගැටළුව වෙනුවෙන් ආදේශ කර ඇති යාන්ත්‍රික විසදුම් ඉවත් කරන ලෙසත්, ට්‍රැක්ටර් භාවිතයෙන් කරනු ලබන මාදැල් කර්මාන්තය පසුගිය දෙසැම්බර් 31 වෙනිදායින් පසු තහනම් බවත් රජය දැනටමත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව රටපුරා 900කට ආසන්න මාදැල් ප්‍රමාණයක් මේ වනවිට සිය කර්මාන්තය කරගෙන යාමට නොහැකිව විරෝධතා පළකරමින් මහපාරට පැමිණ තිබේ.

පසුගියදා  රටපුරා විරෝධතා පැවැත්වු මාදැල් හිමියන් සහ ධිවරයන් එදින සිට කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කරන්නට යෙදුන අතර එම උපවාසයකට අදට දින 5ක්ද පිරෙයි.

මේ දක්වා ජනපති අනුර කුමාර  මේ විරෝධතා කරුවන්ට සාකච්ඡාවක් ලබා දි නැතැයි කියන මාදැල් ධීවරයෝ අද සිට දිවයින පුරා මාදැල් කර්මාන්තයෙන් ඉවත් වන බවටත් , පවුල් පිටින් පාරට එන බවත් දැනටමත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ධිවර නියෝජ්‍ය ඇමති රත්ත ගමගේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ කලින් සිටින ධිවර ඇමතිවරුන් මාදැල් කර්මාන්තයට එක්කර ඇති යාන්ත්‍රික මෙවලමි සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන  නිසි විමර්ශනයකින් තොරව අවසර ලබා දි ඇති බවය.

මෙම මාදැල් තහනම් පිටුපස සිටින්නේ ධිවර නියෝජ්‍ය ඇමතිවරයා බවත් ඔහුට මාදැල් ධිවරයන් ඉදිරිපිටට එන ලෙසත් මාදැල් ධීවරයෝ අභියෝග කර සිටිති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here