මිගමුවේ පොහොට්ටු සංවිධායක දයාන්ද ?

0
523

 

මිගමුවේ පොහොට්⁣ටු සංවිධායකධුරය දායන් ලංසා විසින් ඉල්ලුම් කර ඇති බව කියැවෙන කසුකුසුවක් මේ දිනවල දේශපාලන සමාජය තුල පැතිර යමින් තිබේ.

පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරු දෙදෙනෙකු දයාන් ලංසාට පක්ෂව සහ විපක්ෂව දැනටමත් දෙපිලකට බෙදි ඇතැයිද සැලය.

පැවති ජනඅරගලයෙන් පසුව දේශපාලන අගාධයකට වැටුණු ලංසා පවුල පසුගිය මැතිවරණයන් තුල පැවැති මාලිමාවේ ජනප්‍රිය තාවය හේතුවෙන් දේශපාලන පොරපිටියෙන් මුලුමනින්ම අතුගා දමා තිබුණි.

මේ අතර දැනට මිගමුව තුල සිටින ප්‍රධාන පෙලේ පොහොට්ටු දේශපාලන ක්‍රියාකාරින් අතිබහුතරයක් දෙනා දයාන් ලංසාට එරෙහි මේ වනවිටත්  පෙළගැසෙමින් සිටින බව නම සඳහන් කිරිමට අකැමති ජේෂ්ඨ දේශපාලන ක්‍රියාකාරිකයෙකු මිපුරට පවසා සිටියේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here