මාදැල් පිළිබඳ විශේෂඥ අදහස් අනුව, දැනට අවුරුදු ගණනාවක් තිස්සේ වින්ච් මගින් දැල් ඇදීම කර තිබෙන නිසා මාදැල් හිමියන්ට මාළු නැති විය යුතුය.
ඔවුන් උවමනාවට වඩා දිග දැල් භාවිතා කරනවා නම් හා පතුල සූරනවා නම්, එය වැළැක්වීම සඳහා නීති ක්‍රියාත්මක කළ යුතුය.
වින්ච් යන්ත්‍රය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ද නීති ක්‍රියාත්මක කළ හැකිය.
ධීවරයන් නීති ගරුකව කටයුතු කළ යුතු අතර වෙරළ හා මුහුද ආරක්ෂා කරගත යුතුය. මුහුදු සම්පත් නැතිනම්, ඔවුන්ට සිදු වනු ඇත්තේ අයිස්, කුඩු, ගංජා ප්‍රවාහනයට සම්බන්ධ වී, කෙළ වුණොත්, දීර්ඝකාලීනව සිරගත වන්නටය.
බෝට්ටුවලින් මාළු ඇල්ලීම හා මුහුදේ නැව් ගමනාගමනය පවා සමුද්‍ර පරිසරයට හානිකරය. මාදැලුත් එසේමය.
මේ ලියන අන්තර්ජාලය අපට ලබාදීම සඳහා මුහුදේ රැහැන් එළීම පවා පරිසරයට අනවශ්‍ය මැදිහත් වීමකි.
ඒ කිසිවක් නොකර ඉන්නට පුළුවන් නම් හොඳය. එහෙත්, අපට දැන් ආපසු යා නොහැකි බව කවුරුත් දන්නවාය. ඒ නිසා කළ යුතුව තිබෙන්නේ පොල්ලෙන් ගැහුවා සේ තහනම් කිරීම නොව, නියාමනයයි.
මාදැල් නියාමනය කිරීම මහලොකු අමාරු වැඩක් නොවේ. ඒවා හොරෙන් එලන්නට බැරි තරම් ලොකුය.
අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk












