වාලච්චේන නගරයටත් අලි කරදර?

0
213

අද (13) උදෑසන 6 ට පමණ මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන නගරයට සහ ඒ අසල ගම්මානයකට වන අලියෙකු ඇතුළු විය.

වාලච්චේන නගරයේ ඉඳිආප්ප අලෙවි කරමින් සිටි 68 හැවිරිදි කාන්තාවක් වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඉතාමත් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණ බව voiceofmedia වෙබ් අඩවිය වාර්තා කරන්නට යෙදුණි

මේ අතර, ගම්මානයට ඇතුළු වූ වන අලි දෙදෙනෙකුගේ ප්‍රහාරයෙන් පුද්ගලයින් හතර දෙනෙකු බරපතල තුවාල ලබා ඇත. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර ඇති බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය.

මිට පෙර අවස්තාවකදි වනඅලින් වාලච්චේන ප්‍රදේශයට කඩා වැදුන අතර එහිදි බස්රථයකටද පහර දුන් බව ප්‍රාදේශිය මාධ්‍ය වාර්තා කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here