ජනපති සාකච්ජාවෙන් පසු මාදැල් කරුවන්ගේ උපවාසය අවසන් !

0
113

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මාදැල් ධීවරයන් සමඟ සාකච්ඡාවකට අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ජාවෙන් පසු මාදැල් ධිවරයන් සිය උපවාසය අවසන් කර තිබේ

විරෝධතාවයේ නිරත ධීවරයන් වෙත ජනාධිපති කාර්යාලය වෙත ආරාධනා කරමින් ඔවුන් සමඟ සිදු කළ දීර්ඝ සාකච්ඡාවේදී ඔවුන්ගේ අත්දැකීම් අනුව මතුකළ කරුණු පිළිබඳ පුළුල් ලෙස අවධානය යොමු කළෙමි  යැයි ජනපති සිය ෆේස්බුක් පිටුවේ සදහන් කර ඇත.

මාදැල් කර්මාන්තය සම්බන්ධයෙන් පැණ නැඟී ඇති මෙම ගැටලුවට විසදුම් සෙවීමේදී ආර්ථික වශයෙන් කිසිවෙකුගේ ජීවන තත්ත්වයන් අඩාල කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත්, රජය පෙනී සිටින්නේ සියලු දෙනාගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමට බවත් පෙන්වා දුන් බවද එහි වැඩිදුරටත් සඳහන්ය.

එසේම, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී පොදු ධීවර ජනතාවගෙන් ලැබෙන පැමිණිලි, පරිසර සංවිධාන මෙන්ම මේ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත වන රාජ්‍ය ආයතන, ධීවර අමාත්‍යාංශයට අයත් ආයතන සහ අනෙකුත් ආයතන මගින් ලබා දී ඇති වාර්තාද සැලකිල්ලට ගත යුතු බවත්, ඒ අනුව ආර්ථික හානියක් නොවන ලෙසත්, පරිසර සුරක්ෂිතභාවය තහවුරු වන ලෙසත්, අන්තර්ජාතික සම්මූතීන්ට අනුකූලව සහ මතු පරම්පරාව වෙනුවෙන්ද ධීවර කර්මාන්තය සහ සාගර සම්පත් ආරක්ෂාවන ලෙසත්, තහනම් පන්න ක්‍රම භාවිතයට පැමිණීම වැළැක්වෙන ලෙසත් කටයුතු කිරීමේ වැදගත්කම ජනපති මෙහිදි  අවධාරණය කර ඇති අතර

සියලු පාර්ශ්වයන් එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කර ගැනීම සඳහා පියවර ගැනිමේ අවශ්‍යතාවය මෙහිදි මතු කර තිබුණි.

එළැඹෙන සඳුදා දින ආරම්භ කිරීමටත්, සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ දැනට මෙම ක්‍රමය යටතේ ධීවර කර්මාන්තයේ නියතු වූවන් මුහුණ දෙන කල්බදු ආදී ගෙවීම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් ලබා දීමටත් මෙහිදී වැඩිදුරටත් එකඟතාව පළ කෙරි ඇත..

(මුලාශ්‍රය -ජනපති අනුර කුමාර දිසනායකගේ ෆේස් බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here