මාදැල් කර්මාන්තය නියාමනය කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය පෙත්සමක් ගොනු කරයි.

0
434

 

​පරිසර යුක්ති කේන්ද්‍රයේ (CEJ) අධ්‍යක්ෂවරුන් වන හේමන්ත විතානගේ සහ දිලේනා පතිරගොඩ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්, පවතින නීති හා රීතිවලට අනුකූලව මා දැල් ධීවර කර්මාන්තය පරිසර හිතකාමී ලෙස පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

​මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) අධ්‍යක්ෂ ජනරාල්වරයා, නාරා (NARA) ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

​විශේෂයෙන්ම ට්‍රැක්ටර් භාවිතයෙන් සිදුකරන වත්මන් යාන්ත්‍රික ධීවර ක්‍රම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත කලාපවල පාරිසරික තත්ත්වයන්ට සහ සමතුලිතතාවයට දැඩි හානියක් සිදුව ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.
​පවතින නීති දැඩි ලෙස බලාත්මක කිරීම, පරිසර හිතකාමී ධීවර ක්‍රමවේදයන් සකස් කිරීම සහ මාදැල් ඇතුළු අනෙකුත් වෙරළාශ්‍රිත ධීවර කර්මාන්ත නීතිමය සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව පමණක් ක්‍රියාත්මක වන බව සහතික කිරීමට වහාම පියවර ගන්නා ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා සිටියි.

(අරුණ ශාන්ත නෝනිස්ගේ ⁣ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here