ප්‍රයිම් ලෑන්ඩ්ස් ජනතාවගෙන් මුදල්ගත් මීගමුවෙ VENEZIA ඇතුලුව ව්‍යාපෘති 4කට අතවත් තියල නෑ !. සඳමිණි බෙන්ස් ගත්තේ ඒ සල්ලිවලින් ද?

0
172
  1. නිසි ශක්‍යතා වාර්තාවක් නොමැතිවීම, අනුමැති ලබාදීමට ඇති ගැටලු හා ප්‍රදේශවාසීන්ගේ විරෝධතා ඇතුළු කරුණු හේතුවෙන් ජනතාවට නිවාස ලබාදෙන බවට පොරොන්දුවී ප්‍රයිම් ලෑන්ඩ්ස් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති 5ක මෙතෙක් කිසිදු ඉදිකිරීමක් සිදු කර නොමැති බව වාර්තා වේ.
  2. මෙසේ ජනතාවට නිවාස ලබා දෙනබවට පොරොන්දුව මත මුදල් ලබාගෙන තවමත් ඉදිකිරීම් ආරම්භ නොකළ ව්‍යාපෘති ලෙස වාර්තා වන්නේ තලකොටුව ගාඩ්න්ස් හි MON VIE, කඩුවෙල බයිපාස් හි OAZI, දෙමටගොඩ The Prime Colombo, මීගමුවේ VENEZIA – NEGOMBO හා රාජගිරිය ලේක් ඩ්‍රයිව් හි The Golf යන ඒවාය.
praim 2

සාමාන්‍යයෙන් නිවාස ඉදිකිරීම් සමාගම් විසින් නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර නාගරික සංවර්ධන අධිකාරියෙන් ප්‍රාරම්භක සැලසුම් අවසරය (Preliminary Planning Clearance) ලබා ගැනීම මුලින්ම සිදුකරනු ලබයි.

එම සැලැසුමට අනුව උපරිම තට්ටු ගණන, ඉදිකිරීමට අවශ්‍ය පාරේ පලල අදී ප්‍රධාන සාධකවලට අවශ්‍ය කොන්දේසි ඇතුළු මූලික අනුමිතීන් තීන්දුවේ.

කෙසේවුවද, ඉන්පසුව එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය වන සංවර්ධන බලපත්‍රය මසක් දෙකක් ඇතුළත ලබා ගනිමින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
එය ඉදිකිරීම් සමාගම්වල සාමාන්‍ය පිළිගත් ක්‍රමවේදය වුවද, ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම තලකොටුව ගාඩ්න්ස් හි MON VIE හා රාජගිරිය ලේක් ඩ්‍රයිව් හි The Golf හි නිවාස විකිණීම ආරම්භ කර මේවන විට වසරකට ආසන්න කාලයක් ගතවුවද ඒවායේ තවමත් ඉදිකිරීම් ආරම්භ කිරීමට පස් පිඩල්ලක් හෝ කපා නොමැත.

තලකොටුව ගාඩ්න්ස් හි MON VIE
තලකොටුව ගාඩ්න්ස් හි MON VIE හි නිවසයක මිල ආරම්භ වන්නේ රුපියල් මිලියන 89කින් වන අතර, එහි මහල් 29කින් යුත් තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිතය. අදාළ නිවාස විකිණීම ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීය.
එහි විකිණීම් ආරම්භ කිරීමට අදාළ කාලය ආසන්නයේ ෆේස්බුක් වෙත මුදාහරින ලද දැන්වීමක් පහත දැක්වේ.

ලේක් ඩ්‍රයිව් හි The Golf
රාජගිරිය ලේක් ඩ්‍රයිව් හි The Golf තට්ටු 12කින් සමන්විත නිවාස ව්‍යාපෘතියක් වන අතර එහි නිවසක් මිලකර ඇත්තේ මිලියන 95.5කටය. නිවාස ගණන 64කි.
ප්‍රයිම් රෙසිඩන්සීස් නිසි අනුමැතීන් ලබාගැනීමකින් තොරව ආරම්භ කිරීමට ගිය මේ නිවාස ව්‍යාපෘතියකට ප්‍රදේශයේ පදිංචිකරුවන් විරෝධය පල කිරීම නිසා මේ දක්වා එහි ඉදිකිරීම් සඳහා අත තැබීමට නොහැකිව තිබේ.
ප්‍රදේශිවාසීන් පෙන්වා දෙන්නේ ප්‍රයිම් මෙසේ තට්ටු 12ක ඉදිකිරීමක් සිදු කිරීමට සැරසෙන්නේ කුඹුරු ඉඩමක බවයි. අදාළ ප්‍රදේශයේ ඉඩම්වල ඉදිකළ හැකි උපරිම තට්ටු ප්‍රමාණය තුනක් බවත් ඔවුහු පෙන්වාදෙති.
අදාළ තත්ත්වය සම්බන්ධයෙන් අද දෙරණ මීට මාස 8කට පෙර පළ කරන ලද ප්‍රවෘත්තියක් පහත දැක්වේ.

https://www.youtube.com/watch?v=dQEzihsgdW8&t=84s

ප්‍රයිම්ලා මෙවැනි ව්‍යාපෘතිවල නිවාස විකුණා ඇත්තේ පිටරටවල රැකියාවේ නිරත හෝ පිටරටවල දීර්ඝ කාලයක් පදිංචි අය මුලාවට පත්කරමින් බවද පැවසේ.
ඔවුන් මේ නිවාස විකිණීට ත්‍රීඩී සැලැසුම් හා විදෙස් රටවල සිදුකරනු ලබන විවිධ වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් හරහා මේවා විකුණා ඇති අතර එසේ නිවාස මිලදීගත් පාරි​භෝගිකයෝ මේ ඉදිකිරීම් සිදුකරන ඉඩම් සියැසින් දැක නැතැයි ද වාර්තා වේ.
නැත්නම් ප්‍රයිම් අදාළ ව්‍යාපෘතිවල නිවාස විකුණා ඇත්තේ පාරිභෝගිකයාට ඉඩම හෝ පෙන්වීමෙන් තොරවය.

මහාචාර්ය වංගු
ප්‍රයිම් ලෑන්ඩ්ස් සිය ඉඩම් විකිණීමේදී පාරිභෝගික විශ්වාසය තහවුරුකර ගැනීමට ඔවුන්ගේ ප්‍රයිම් රෙසිඩන්සීස් හි අධ්‍යක්ෂවරුන් ලෙස කීර්තිමත් පුද්ගලයින් වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන, මහාචාර්ය සම්පත් අමරතුංග, ධම්මික කලපුගේ හා දීපාල් සූරියආරච්චි වැනි අය ප්‍රදර්ශන භාණ්ඩ ලෙස යොදා ගැනීම ද කලක සිට සිදුකරමින් සිටී.

මොවුන් ප්‍රයිම් හි අධ්‍යක්ෂවරුන් බව පාරිභෝගිකයන්ට පැවසුවද ඔවුන් වැටුප් ලබන අධ්‍යක්ෂවරුන් වෙති.
නැතිනම් ඔවුන්ට ප්‍රයිම් හි කොටස් හිමිකාරිත්වයක් නොවන අතර ඔවුන් ප්‍රයිම් හි මුදල් ලබා ගැනීමේ කෑදරකම මත සිය කීර්තිය අලෙවිකරමින් සිටින පිරිසකි.

කෙසේවුවද, මේ පිරිස් ප්‍රයිම් ලෑන්ඩ්ස්හි හිමිකරුවන්ගේ අදා​ළ මගඩිවලට උදව් උපකාර කරන්නේද යන සැකයද මෙසේ නිවාස මිලදීගත් පිරිසට මේවන විට මතුව ඇති බවද පැවසේ.

මේ අතර මිගමුවේ VENEZIA ෆ්‍රයිම් ලැන්ඩ් ව්‍යපෘතිය⁣ට අදාලව නිසි අනුමැතිය ගතයුතු  ආයතන බොහොමයකින් නිසි අවසර ගෙන නැතැයි එහි ප්‍රධානින් ප්‍රකාශ කර සිටියහ.

විශේෂ පරිසර පද්ධතියට අදාල දැනටමත් ගැටලු රැසක් බලපා ඇතැයිද වාර්තාවේ.

සඳමිනිගේ අලුත් වන්ඩිය

මේ අතර, ප්‍රයිම් ලෑන්ඩ්ස් හි සම සභාපතිනිය වන සඳමිනි පෙරේරා පසුගිය දා මර්සිඩීස් බෙන්ස් සමාගමින් මිලදී ගත් අලුත්ම මෝටර් රථය ගැන ද නිවාස මිලදීගත් පාරිභෝගිකයන්ගේ අවධානයට යොමුව තිබේ.

ඇය මෙසේ මිලදී ගෙන තිබුනේ Mercedes Maybach GLS 600 Night Series 2026 මෝටර් රථයකි.එහි වෙළඳ​පොළ වටිනාකම රුපියල් මිලියන 255ක් පමණ වන බව පැවසේ.

prim car

මෙසේ මිලදීගෙන ඇති මෝටර් රථය නිවාස මිලදී ගැනීමට මුදල් ලබාදුන් පාරිභෝගිකයන්ගේ නිවාස ඉදිකිරීම් අත්හිටුවා එකතු කළ මුදල් ද යන්න පිළිබඳව ද පාරිභෝගික සැකයක් වර්ධනය වී ඇති බවද වාර්තාල වේ.

https://www.facebook.com/share/r/18JnZTgjfe/?mibextid=wwXIfr

.ප්‍රයිම් – HNB Financ හවුල HNB තැන්පත්කරුවන් වනසයි?

මේ අතර, ප්‍රයිම් ලෑන්ඩ්ස් හි නිවාස ව්‍යාපෘති වැඩි ප්‍රමාණයකට HNB Finance මුදල් පොම්ප කිරීම සම්බන්ධයෙන්ධ කේෂත්‍රයේ කතාබහක් මතුව ඇත.
ඒ HNB Finance හි කළමානාකාර අධ්‍යක්ෂවරයා හා ප්‍රධාන විධායක නිලධාරියා වන ප්‍රභාත් චමින්ද, ප්‍රයිම් හි සම සභාපතිනිය වන සඳමිනි පෙරේරාගේ සැමියාවීම නිසාය.
නිවාස ගැනුම්කරුවන් සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් හඳුන්වා දුන් මතභේදාත්මක දේපළ වෙළඳාම් මූල්‍යකරණ ආකෘතියක් වන ප්‍රයිම්මැක්ස් සම්බන්ධයෙන් ද පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කිහිපයක්ම පලව තිබිණි.

එම සැලැසුම ගැනුම්කරුවන් සහ HNB ෆිනෑන්ස් තැන්පත්කරුවන් යන දෙදෙනාම සැලකිය යුතු මූල්‍ය අවදානමකට ලක් කර ඇති බවට එහිදී චෝදනාවක් එල්ලවී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here