මිගමුවේ වීදි සුනඛ ප්‍රශ්ණය බරපතල වෙමින් තිබේ.විශේෂයෙන්ම සංචාරක කලාපයක්ද ලෙසින් ගොඩනැගෙමින් ඇති මිගමුව තුල නිසි ක්‍රමවේදයකට අනුව මෙම ගැටලුව කළමණාකරණය කිරිමට මිගමුව මහනගර සභාව මැදිහත්විය යුතුව තිබේ.
ලංසා පාලන සමය තුල මිගමුව අපිරිසිදු දුඟදෙන් පිරුන නගරයක් ලෙස ප්‍රකටව තිබිම සංචාරක කර්මාන්තයටද මරු පහරක්විය.
මේ පසුබිම තුල අදාල බලධාරින් පමා නොකර විසදුම් සඳහා යොමුවිය යුතුව තිබේ.මිට වසර කිහිපයකට පෙර ගාල්ල වෙරළ තීරයේ විදි සුනඛයෙකු නිසා සුළු සීරිමකට ලක්ව සිටි දරුවෙකු සිය රටට ගිය පසු ජලභිතිකා රෝගයට ගොදුරුව අවාසනාවත්ත ලෙස ජිවිතයෙන් සමුගත් පුවතක්ද එකල මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
විශේෂයෙන්ම මේ පවතින උණුසුම් කාලගුණික තත්වයද සැලකිල්ලට ගෙන ජලභීතිකා වැඩපිලිවෙලක් කඩිනමින් ඇතිකිරිම සදහා මැදිහත්වන්න.
ජූඩ් ප්‍රනාන්දු -පෙරියමුල්ල











