වසරක් නිහඩව සිටි පුරපති අනවසර ඉදිකිරිම් වලට අතගසයි?

0
17

 

අනීතිකව විවිධ පුද්ගලයන් විසින් බුක්ති විදිමින් සිටින නගර සභාවට අයත් සියලු දේපොළ යලි නගර සභාවේ පාලනයට ලබාගැනීම අදසිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනබව මිගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පවසයි.

නගරාධිපතිවරයා මෙසේ ප්‍රකාශකලේ නගරසභාවට අයත් ග්‍රීන්පාක් පිටියේ බලෙන් අනිතිකව අත්පත් කරගෙන තිබු ඉඩම් කොටස් මිනුම් කටයුතු සිදුකර යලි නගරසභාව බාරයට ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

මිගමු මහනගර සභාව තුල පුනරුද පාලනය ස්ථාපිත කළ ආරම්භයේ පටන්ම meepura .com අප  දිගින් දිගටම මතුකරන ලද කාරණය වුයේද මිගමුවේ ඇති අනවසර ඉදිකිරිම් පිලිබදවය.

පුනරුද පාලනය ක්‍රියාත්මක කාලය තුලදිම මිගමුව බස්නැවතුම ඉදිරිපිට ඉදිකර තිබුන පෙට්ටි කඩය ඉවත් කිරිම පවා පුරපතිට බැරිවු බව මෙහිලා සදහන් කළයුතුය.

කෙසේ වෙතත් මෙහිදී තවදුරටත් අදහස් පලකල නගරාධිපතිවරයා හිටපු පාලකයන් සහ සමහර දුෂිත නිලධාරීන් ප්‍රකෝටි ගණන් වටිනා මහා නගර සභාව සතු දේපල විවිධ කණඩායම් සහ පුද්ගලයන්ට බුක්ති විදීමට ඉඩදී වාසි ලබාගෙන තිබෙන බවය.

බහුතර බලයක් ලබාදෙමින් මීගමුවේදී ජාතික ජනබලවේගය ඉහලින්ම ජයග්‍රහණය කරවූ ජනතාව ඉල්ලා සිටි වෙනස සිදුකිරීමට දුෂණ යෙන් වංචාවෙන් තොර නගර සභාවක් පාලනයක් ඇතිකිරීමට අවශ්‍ය සියලු නිත්‍යානුකුල ක්‍රියා මාර්ග ගැනීමට කුමන බාදක පැමිණියත් කටයුතු කරන බවද නගරාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

නගරයේ ජනතාවට අයත් දේපල වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට කටයුතුකර ලැබෙන අදායම් ජනතාවගේ යහපත නගරයේ දියුණුව සදහා යොදාගන්නා බවද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here