අවුරුදු 52ක ගෝල ඉඩෝරය නිමාකරපු කොංගෝව..

0
50

අවුරුදු 52ක්! අවුරුදු 52ක් එක රටකට සිද්ධ වෙනවා පාපන්දු ලෝක කුසලානයක ගෝලයක් වෙනුවෙන් බලන් ඉන්න. ඒ තමයි කොංගෝ ජනරජය.

ඔවුන් මීට කලින් ලෝක කුසලානයක් ක්‍රීඩා කරලා තිබ්බේ 1976 දී. එතකොට ඔවුන්ගේ රටේ නම සයරේ. කොංගෝව නෙමෙයි. ඒත් සයරේ රාජ්‍යය 1974 ලෝක කුසලානයේදී ගෙදර එන්නේ එක ගෝලයක් වත් නැතුව හිස් අතින්.

ආයෙමත් සයරේ රාජ්‍යයට ලෝක කුසලානයකට එන්න අවුරුදු 52 ක් ගියා. ඔවුන් දැන් ලෝක කුසලානයට එන්නේ කොංගෝ ජනරජය කියන නමින්.

අවුරුදු 52 ක ඉඩෝරය අවසන් කරමින් තමන්ගේ රටේ පළමු ලෝක කුසලාන ගෝලය පෘතුගාලයට එරෙහිව වාර්තා කරන්නට ඔවුන් සමත් වෙනවා. ඒ තරගයේ පළමු අර්ධයේ අවසන් මොහොතේදීයි.

මේ ඓතිහාසික ගෝලයේ හිමිකරුවා වෙන්නේ යොආනේ විස්සා. ඔහුගේ නම දැන් කොංගෝ ජනරජයේ ඉහළින්ම ලියැවෙනවා.

2026 පාපන්දු ලෝක කුසලානයේ පළමු සතිය තුළම පුවත් මවන සිදුවීම් රැසක්ම වුණා. මේක තමයි අලුත්ම ඓතිහාසික සිදුවීම!

(Pro sports පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here