වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින පක්ෂීන් වෙළඳාම් කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

0
14

වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින පක්ෂීන් ඇතුළු විවිධ වර්ගයේ පක්ෂී වෙළඳාම් කළ ව්‍යාපාරිකයෙක් වනජීවී අත්අඩංගුවට.

බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය 14 වන දින රුවන්වැල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා.

එහිදී වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂිත පක්ෂි විශේෂයක් වන Tri colored Munia නැමැති පක්ෂි වි⁣ශේෂයට අයත් පක්ෂීන් 64 දෙනෙකු සහ ලබු ගිරවෙකු සමග අවුරුදු 27ක ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.
මොහුගේ නිවස තුළ විවිධ වර්ගයේ පක්ෂීන් නිරීක්ෂණය වූ අතර වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂිත වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින සතුන් ද මීට පෙර අලෙවි කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වුණා.

FB IMG 1781908043994 FB IMG 1781908046364 FB IMG 1781908049555 FB IMG 1781908052142 FB IMG 1781908054918

ත්‍රිකුණාමලය, මූතූර්, වව්නියා යන ප්‍රදේශවලින් දීර්ඝ කාලයක පටන් එම පක්ෂීන් අල්ලාගෙන රුවන්වැල්ල ප්‍රදේශයේ අලෙවි කර තිබෙනවා

සැකකරු ඇතුළු නඩුභාණ්ඩ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර සැකකරු වරද පිළිගැනීමෙන් පසු ගරු මහේස්ත්‍රාත් විසින් රු.20000.00ක දඩ මුදල් නියම කළා.
පක්ෂීන් හොරගොල්ල ජාතික උද්‍යානයට නිදහස් කර වාර්තාවක් ලබාදෙන ලෙස වනජීවී නිලධාරීන් දැන්වූ අතර මෙවැනි කටයුතුවල මින් පසු නොයෙදෙන ලෙස විත්තිකරුට ගරු මහේස්ත්‍රාත් විසින් නියෝග කළා.

මෙම වැටලීම බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ වනසත්ත්ව අඩවි සහකාර උදය කරුණානායක සහ ඩබ්.ඒ.උදිත් විදුරංග , ක්ෂේත්‍ර සහයක කේ.ඒ.එන්.කළුආරච්චි , රියදුරු ආර්.එස්.එස්.රත්නසේකර යන නිලධාරීන් විසින් සිදුකළා.

(Department of wildlife conservation)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here