මියගිය සහ අගතියට පත් රැදවියන් වෙනුවෙන් නීතිඥ කන්ඩායමක් මීගමුවට!

0
87

 

පසුගියදා මීගමුව බන්ධනාගාරය තුල සිදු වු ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් වන නඩුකරයට අදාලව එහි තවත් නඩු විභාගයක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද දින (23/07/2026) පැවැත්විණි.
ඒ අනුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය ඉදිරියේ මෙම නඩුකරය අද දින යළිත් විභාගයට ගැනුනු අවස්ථාවේදී එම සිදුවීමෙන් මිය ගිය රැඳවියන් සහ අගතියට පත් සියළු පාර්ශවයන් වෙනුවෙන් 06 දෙනෙකුගෙන් සැදුම්ලත් නීතිඥයින් කණ්ඩායමක් එම නඩු විභාගයේදී , මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කරුණු දැක්වුහ.
එලෙස මෙම සිදුවීමට අදාළව අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී, මියගිය අය වෙනුවෙන් සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේ
සේනක පෙරේරා , තම්බයියා ජෙයරත්නරාජා , ප්‍රබෝධ රත්නායක , අරවින්ද හබක්කල , එස් ප්‍රභාකරන් , චානක රූපසිංහ , සහ ධනුෂ්ක සිල්වා යන නීතිඥ කණ්ඩායමයි.
එම නඩු විභාගය අවසන් වී මීගමුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි ,එම නීතිඥයන් පිරිස ජනමාධ්‍ය සඳහා විශේෂ ප්‍රකාශයක් ද කලේය.
එහිදී නීතිඥ ⁣ සේනක පෙරේරා මහතා පල කල අදහස්, පහත විඩියෝවෙන් නැරඹීය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here