ඩඩ්ලි සේනානායක මාර්කට් එක කඩා දමා වසර 6ක් ?

0
55

ඩඩ්ලි සේනානායක නමින් වු කාමච්චෝඩේ පිහිටි වෙළද පොල ගොඩනැගිල්ල කඩිමුඩියේ වෙළදුන්ටද තග දමා කඩා දැමුවේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසිනි.

ඒ මිට වසර 6 කටත් පෙරය .
මේ නිසාම දශක ගණනාවක් පුරාවට එහි කඩ පවත්වාගෙන ගිය වෙළදුන් විශාල පිරිසක් මේ වන විට යන ඒන මන් නැතිව සිටිති.

මෙසේ කඩිමුඩියේ කඩා දැමු පසු එය අලුතින් ඉදිකිරිමට මුදල් නැතැයි එය කඩා දමා දෙකකට පසු මහසභාරැස්විමකදි කියා සිටියේ 2021 පෙබරවාරි මාසයේදිය

පසුගිය දශක දෙකකට ආසන්න කාලය ලංසා පවුල මිගමුවේ දියත් කරන්නට යෙදුණු සියළු ව්‍යාපෘතින් පැහැදිලිව සුදු අලින් පමණක් බව ඉතා පැහැදිලිය.

වසර ගණණාවක් ඉක්ම ගොස් තිබුණද තවමත් විවෘත කරගැනිමට බැරි වු කාමච්චෝඩේ වෙළද සංකිර්ණය තවත් එක් පැහැදිලිව උදාහරණකි .

කඩ හදා ඉතිරි කොටසේ පමණක් බස් නැවැත්විම සදහා හැදු .මිගමුවෙ බස් නැවතුමේද පහල මාලය හැරෙන්නට ඉහල මාලය කිසිදු ප්‍රයොජනයකට ගත හැකි තත්වයක නැති බවද සැලය.

ඩඩ්ලි මාකට් ඒකේ ඉදිකිරිම් පමාවි ඇරඹි තිබුණද ඒය තවමත් අවසන් නැත. දැනට මේ ඉදිකිරිම් පවා කරමින් සිටින්නේ ටෙන්ඩරය අනුමත කරගත් ආයතනය විසින් නොවේ . එවැන්නක් කිරිමට තාක්ෂණික සුදුසුකම් නැති පිරිසක් විසින් බවත් සැලය.

මෙහි වලයේ වැඩ නිමනොකර තිබියදි පසුගිය වසරේ මහමැතිවරණයට කලින්ම මුදල් ගෙවා තිබුනේ නගර සභාවේ ස‌ේවකයන්ට ගෙවිමට වෙන්කර තිබු මුදල් පවා භාවිතා කරමිනි.

වත්මන් මාලිමා පාලනයටද වසර ගෙවි හමාරය.එහෙත් ඩඩ්ලි මාර්කට් එක ගැන කිසිදු සැලැස්මක් ඇති බව නොපෙනේ.

මෙය සැබැවින්ම කණගාටුදායක තත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here