මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු වු හර්මන් කුරේරා මහතා අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
හෘදයාබාධ තත්වයක් සදහා මීගමුව, මහා රෝහලේ 04 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී හර්මන් කුරේරා මහතා මෙලෙස අද දින ( 05/08/2026) මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට වයස අවුරුදු 80 ක් වු
හර්මන් බර්නාඩ් කුරේරා මහතා , මීගමුවේ නගරාධිපතිධුරයට පත්වන්නේ එවකට හිටපු නගාරධිපති නිමල් ලංසා මහතා බස්නාහිර පළාත් සභාවට තේරීපත්විමත් සමගය.
ඒ අනුව ඔහු මීගමුව මහා නගර සභාවේ 16 වන නගරාධිපතිවරයා බවට පත් විය.
එලෙසම ඔහුගේ ධුර කාලය තුල කා සමඟත් විශේෂයෙන්ම දේශපාලනික ලෙස තම විරුදධ පාක්ෂිකයන් සමඟත් ඉතා සුහදව කටයුතු කරමින් මහත්මා ගති පැවතුම් ඇති දේශපාලකයෙකු ලෙස කාගෙත් සිත් දිනා සිටියේය
ඒ අනුව හර්මන් කුරේරා මහතා සිය නගරාධිපතිධූරයේ කටයුතු කරමින් සිටි එම ධූරකාලය අවසන් වු පසු ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ලැබීය.
කෙසේ වෙතත් හර්මන් කුරේරා මහතා විශ්‍රාම යන්නේ මීගමුව තුල මහත්මා දේශපාලනයේ යෙදෙන්නට උත්සාහ කළ නගරාධිපතිවරයෙකු ලෙස හා දේශපාලකයෙකු ලෙසයි.
හර්මන් කුරේරා මහතාගේ දේහය පිලිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඔහුගේ සොයුරු නිමල් කුරේරා මහතා මාධ්‍ය වෙත පැවසීය.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .

















