හර්මන් කුරේරා මැතිඳුනි !

0
129

 

මිනිසෙකි මිනිස්කම හඳුනන ගුණ යහපත්
ඇසුරට කළණ මිතුරෙකි ළඟ සිටි කවදත්
දිවි මඟ ගෙවා නිම කළ යුරු හරි වැදගත්
දැන් ඒ සොඳුරු මිනිසා නිහඩය සමුගත්

නිල තල පදවි පුරපතිකම් ලද නමුදු
ඔබ ගිය ගමන් මඟ සරළය විය සුමුදු
ඉන් පළ කළේ පරිණත බව කළ පුබුදු
නැණ ගුණ පහන් කළ සඳ කිරණකි සුසුදු

දෙස්පාලනය කළයුතු හරි මඟ පෙන්වා
ආගම දහම තුළ දිවියම බල ගන්වා
හදවත සතුට – සැනසුම – සෙනෙහස ගෙන්වා
එමගින් සැමට සිටියා අරුතක් දන්වා

ඔබ දැන් සදා සමුගෙන අප අතැර ගොසින්
දුක කියැවුනා උණු කදුලැලි සිරුණු ඇසින්
මැතිඳුනි සුවඳ දී ලස්සන මලක් ලෙසින්
පිබිදේ යළිත් දෙව්මව් පා සෙවණෙ තොසින්

ඔබට ජේසු පිහිටයි !
මේ සුසුම් පෙළ, මීගමුවේ රාළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here