දික්ඕවිට සහ මීගමුව ධීවර වරායවල ගැටලු විසඳීමට පුළුල් වැඩපිළිවෙළක්

0
21

දික්ඕවිට සහ මීගමුව ධීවර වරාය පරිශ්‍රයන්හි පවතින ගැටලු සඳහා ස්ථිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් වරායේ සේවකයින්, පරිපාලනය සහ ධීවර ප්‍රජාව එකම මේසයකට ගෙන එමින් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

​ධීවර වරායන්හි මෙහෙයුම් සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණින් සිදුකළ මෙම නිරීක්ෂණ චාරිකාව සහ සාකච්ඡාව හරහා පොදු එකඟතාවයෙන් යුතුව ඉදිරි කටයුතු කිරීමට මෙහිදී සැලසුම් කර ඇත.

​මෙම අවස්ථාව සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, දික්ඕවිට/මීගමුව ධීවර වරාය නිලධාරීන්, වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි ප්‍රසාදි හැඳගලගේ මෙනෙවිය මෙන්ම ධීවර ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here