ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ හටගෙන ඇති ගින්න තවදුරටත් පාලනය කිරීම අඛණ්ඩව.

0
70

 

පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව අභය භූමියේ මයියාව වැව් පිටිය ප්‍රදේශයේ පසුගියදා  (19) ගින්නක් හට ගත්තා. එය නිවා දැමීමට වනජීවී නිලධාරීන් මෙන්ම හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , හලාවත ප්‍රාදේශීය සභාව, ආරච්චිකට්ටුව ප්‍රා⁣දේශීය ලේකම් කාර්යාලය, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව , හලාවත ගිණි නිවීමේ ඒකකය මේ වනවිටත් මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. ජල බවුසර් සහ ට්‍රැක්ටර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට නිලධාරීන් සමග මයියාව සහ බෝගහවැටිය ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් එක්ව මහත් වෙහෙසක් ගනිමින් ගින්න පාලනය කරනවා. අක්කර 07 ක පමණ ප්‍රදේශයක ගින්න පැතිරුණා.

බැකෝ යන්ත්‍ර යොදාගනිමින් ගිණි පාලනය කරන මෙවලමක් ලෙස ගිණිපටි කපා බිම් සකස් කළද අධික සුළඟ සහ අවට තාපය ඉහළ යාම හේතුවෙන් ගින්න පාලනය කිරීම අපහසු වී තිබෙනවා. එක් ප්‍රදේශක සම්පූර්ණයෙන්ම ගින්න මැඩපවත්වා ඇති අතර සුළං දිශාවට ගින්න පැතිරෙනවා. පවතින වියළි කාලගුණික තත්වයත් සමග ගින්න ඊයේ සිට වර්ධනය වූ අතර නිලධාරීන් , ගම්වැසියන් දිවා රෑ නොබලා ගින්න පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සෑම පියවරක්ම ගනිමින් තිබෙනවා.l

ජෛව වැදගත්කමකින් යුත් මෙවැනි වටිනා රැම්සා අභය භුමියක් රැකගැනීම වෙනුවෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා , ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු අවට රාජ්‍ය ආයතනවල නිලධාරීන් , ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කළ යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here