අතුරුදහන්වූවන්ගේ දිනය  වෙනුවෙන් කලා ප්‍ර්‍රදර්ශනයක්

0
165
බලහත්කාර අතුරුදහන්වූ වින්දිතයන්  වෙනුවෙන් වෙන්වූ ජාත්‍යායන්තර දිනය මෙවර අගෝස්තු 30 වෙනි දිනට යෙදී ඇත. මෙම දිනය වෙනුවෙන් වැඩසටහන් කීපයක් අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කර තිබේ . අතුරුදහන්වූවන්ගේ දිනය වෙනුවෙන් කලා නිර්මාණ ප්‍රදර්ශශනයක් උතුරේදී හා දකුනේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව  අගෝස්තු 31 සැප්තැම්බර් , 1 සහ 2 – ප්‍රදර්ශණය කොළඹ J. D. A. Perera  කලාගාරයේදී පැවැත්වේ අතුරුදහන්වීම් පිලිබඳ  සාකච්චාව බරපතල ලෙස අවධානයට ලක්වෙන්නේ 1989 දකුනේ කැරැල්ලත් සමගය. 1971 දී දකුනේ කැරැල්ලේදීත්, 1983 ජාතිවාදී කෝලහාලවලදීත්  අතුරුදහන් විම් සිදුවූනමුත්,  1989 කැරැල්ලේදීත්. තිස් වසරක යුද්ධයේදීත්  අතුරුදහන්වීම් බරපතලලෙස සිදුවූ අතර  ඒ පිලිබඳ  සාකච්චාව, බලාපොරොත් වූ විසදුම් එලෙසම නොලැබී, විවිධ කොමිෂන් පත්කෙරෙමින් සහ 2009 සිට  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ න්‍යාය  පත්‍රයේ සටහන්වෙමින් අඛන්ඩව සාකච්චාවට භාජනයවෙමින් යම් යම් විසඳුම් ඉදිරිපත්වූවත්, නැවත  එවැනි බිහිසුනු  අපරාධයක් සිදුවීම වැලැක්වීම සඳහා අත්‍යාවශ්‍ය සත්‍යය හෙළිකිරීම , යුක්තිය ඉටුවීම සහ හාණිපූරණය සිදුවීම අතින් ශ්‍රීලංකාව  සිටින්නේ ගව් ගණනක් ඈතිණි. උතුරේ සහ දකුනේ  අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සාධාරණ විසදුම් සඳහා නව රජය කෙරෙහි මහත් බලාපොරොත්තුවෙන් පසුවූවත්, අද උතුරින් සහ නැගෙනහිරින් ඇසෙන්නේ, දකුණේ සිංහල ආන්ඩු යටතේ ලබාදෙන ජාතික මට්ටමේ යාන්ත්‍රණ  ගැ න විශ්වාස නැති බවත්  විසඳුම් සඳහා ජාත්‍යාන්තර මදහත්වීම් සහ පරීක්ෂණ අවශ්‍යබවත්ය.  . අතුරුදන්වූවන් පීළිබඳ ස්ථීර කාර්යාලය සහ වන්දි කාර්යාලය පිහිටුවා වසර 8 කට ආසන්න නමුත් ,  සෑහීමකට  පත්වියහැකි කිසිඳු පිළිතුරක් මෙතෙක් නොලැබීමම මෙම ඈත්වීමට බලපාන ප්‍රධානම  හේතුව වේ. අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ලෙස  හොදම විසඳුම ලෙස ජත්‍යාන්තර මැදහත්වීම  අපද පිළිගන්නා නමුත් එය දිනාගැනීමේ බලවත් අපහසුතාවය මතම, ජාතික මට්ටමේ කාර්යාංශ  බලාපොරොත්තුවන ප්‍රතිඵල ලබාදීම සඳහා තල්ලු කිරීමට අප මේ මොහොතේ බලවත් උත්සහයක යෙදී සිටී. ඒ සඳහා මෙම දින 3 නේ ප්‍රදර්ශණය “  අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව“ විසින් , ජත්‍යාන්තර දිනය  සැමරීම සඳහා සන්විධානය කෙරෙණු ඇත.  මෙම ප්‍රදර්ශණය  මගින් අතීත සිදුවීම්, පිහිටවූ කොමිෂම්, ඒවායේ නිර්දේශ, මේදක්වා ලබාඇති ප්‍රගතීන් සහ  බලාපොරොත්තු ඉටුකරවාගැනීම් සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියා  මාර්ග පිළිබදව පුලුල් සාකච්චාවක් සහ මැදහත්වීමක් ගොඩනැගීම,  අපගේ බලාපොරොත්තුවයි. සිදුවූ අපරාධවලට  යුක්තිය සහ සාධාරණත්වය ඉටුවියයුතුයැයි    සිතන, පතන සැමදෙනාටම , මෙම ප්‍රදර්ශණය නැරඹීමට සහ එමගින් යුක්තිය සහ සාධාරණත්වය ඉටුකිරීමේ සාකච්චාවට මැදහත්වීමට සහ ක්‍රියාකාරීවීමට  අපි සහෝදරත්වයෙන් ආරාධනා කරමු. දිනයන්- අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 සහ 2 ස්ථානය – J. D. පෙරේරා කලා ප්‍රදර්ශනාගාරය,46, හොර්ටන් පෙදෙස, කොළඹ සන්විධානය – අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here