ගම්පහ ප්‍රදේශයේ ජල ප්‍රභව සංවර්ධනය කරමින් තිලාපියා මසුන් වගාකිරීමේ සහ ගංවතුර පාලන ව්‍යාපෘතියක් අරඹයි

0
79

ගම්පහ ආසනයේ බෝගමුව දකුණ, වීදියවත්ත, ඉහළ ඉඹුල්ගොඩ සහ පහළ ඉඹුල්ගොඩ යන ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් යෝජිත කූඩු ආශ්‍රිත තිලාපියා මසුන් වගාකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සහ ප්‍රදේශයේ ජල ප්‍රභවයන් නිරීක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.

​මෙම ජල ප්‍රභවයන්හි පිරී ඇති රොන්මඩ ඉවත් කර ජල ධාරිතාව වැඩිකිරීම මඟින් ගංවතුර පාලනය කිරීමට මෙහිදී වැඩිදුරටත් යෝජනා වී ඇත. ඒ හරහා ප්‍රදේශයට යොදවන රාජ්‍ය ආයෝජනයේ ඉහළම ප්‍රතිලාභය ප්‍රදේශයේ ජනතාව වෙත ළඟා කර දීමට අපේක්ෂා කෙරේ.

​මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති සෙනරත් පීරීස් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here