බුත්තල දැඩි වියළි කාලගුණයෙන් සිඳී යන වැව්වල මසුන් බේරා ගැනීමට තරුණයන්ගෙන් මානුෂීය මෙහෙයුමක්

0
45

​මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් බුත්තල ප්‍රදේශයේ කුඩා වැව් රැසක ජලය සිඳී යමින් පවති. මේ වන විට ඇතැම් වැව් වල ජල මට්ටම සම්පූර්ණයෙන්ම පහළ ගොස් වැව් සිඳී යාම නිසා එහි ජීවත් වූ මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් මියයමින් පවතියි.

​මෙම පරිසර විපර්යාසය හමුවේ අසරණ වූජීවීන් රැකගැනීම සඳහා ප්‍රදේශයේ තරුණයන් පිරිසක් ඉදිරිපත් වී තිබේ. ඔවුන් විසින් සිඳී ගිය වැව්වල ඉතිරි වී ඇති ජල කුහරවල මරණය අභියස සිටි මත්ස්‍යයන් ආරක්ෂිතව බේරාගෙන, ජලය පවතින වෙනත් ස්වභාවික ජල මූලාශ්‍ර වෙත මුදා හැරීමට කටයුතු කර ඇත.

​ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවත් කාලයක් පැවතුනහොත් ග්‍රාමීය මට්ටමින් ජල මූලාශ්‍ර සහ ජෛව විවිධත්වය දැඩි අවදානමකට ලක්විය හැකි බවයි. කෙසේ වෙතත්, මෙම තරුණයන්ගේ කාලෝචිත හා ආදර්ශමත් මානුෂීය ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ දැඩි පැසසුමට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here