ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය වත්තල සරක්කුව වෙරළ තීරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ .

0
32

​ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ වත්තල ප්‍රාදේශීය සභාවේ සංවිධානත්වයෙන් පැවැත්වෙන 2026 ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය වත්තල සරක්කුව වෙරළ තීරයේදී පසුගියදා ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.

​රටේ තරුණ තරුණියන්ට තම ක්‍රීඩා කුසලතා ජාතික මට්ටමින් ඔප්නංවා ගැනීමට මාවත විවර කර දීම සහ වත්තල වෙරළ තීරය මුල් කරගනිමින් සංචාරක කර්මාන්තය නංවාලීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ වී තිබේ.

​මෙම ආකර්ෂණීය ක්‍රීඩා උළෙලේ ආරම්භක අවස්ථාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති බ්‍රිහාන් ආබ්ඩීන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ විශාල පිරිසක් එක්ව සිටියහ.

​මෙරළි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා විදහා දැක්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ඉතා ඉහළය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here