ලෙල්ලම් අසල මැකී ගිය සුදු ඉර ?

0
34

 

 

මිගමුව ආර්ථික මර්මස්ථානය වන්නේ මිගමු මංකුලිය ප්‍රදේශයේ පිහිටි ලෙල්ලම් කලාපයයි

මෙහි ලෙල්ලම් තුනක් ළඟ ළඟම පිහිටා ඇති අතර අලුයම දෙකේ පමණ සිට දස දහස් ගණනක් සෙනඟ එහා මෙහා යති.

ඒ තරම්ම කාර්යබහුල මේ ස්ථානයේ සුදු ඉර දැන් මැකී සෑහෙන කලක් ඉක්මවා ගොස් තිබේ.

දිනපතා සැලකිය යුතු විදේශිකයන් ගණනක්ද ලෙල්ලම් බැලිම සඳහා පැමිණෙති.

මෙහි සිටින පොලිස් මුරපලේ නිලධාරින්ද මේ මැකි ගොස් ඇති සුදුඉර ගැන මාර්ග කමිටුවේදි අවස්ථා ගණනකදිම මතුකර ඇතැයිද වාර්තා වේ.

මෙය සැබැවින්ම අවදානම් තත්ත්වයකි. සුදු ඉරක් අවශ්‍යම තැනකි. පාර මාරුවීමට මේ සුදු ඉර භාවිතා කිරීම අවදානම් නැති තත්ත්වයකට වහා පත් කළ යුතුව තිබේ.
බලධාරීන්ගේ අවධානය ඉක්මනින්ම යොමු වේවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here