සජිත් මෝගන් කියන්නේ මිගමුව මහනගර සභාවේ මිට කලින් එජාප නියෝජනය කරමින් දශකයකටත් වැඩි කාලයක් .
දේශපාලනයේ නියැලුන දමිල මන්ත්‍රිවරයෙක්.දැනට මහසභාවේ ඉන්න ජේෂ්ඨතම නාගරික මන්ත්‍රිවරයෙක්
සජිත් මෝගන් මහනගර සභාවට අයත් දේපල සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් යෝජනාවක් කීපයක්ම පහුගිය කාලයෙි මහසභාවට දාන්න උත්සාහ කලා
දැනට සා.මරියා විදුහල විසින් අවභාවිතා කරමින් සිටින කමාච්චෝඩේ ක්‍රිඩා පිට්ටනිය මෙි යෝජනා අතර ඉතාමත්ම වැදගත් එකක් වෙලා තිබුනා.
පහුගිය දවස් වල මේ ගැන ලොකු සංවාදයකුත් ගියා .
සමහරු මේක කියන්න උත්සාහ කලා සා.මරියා විදුහලට අයිති ක්‍රිඩා පිට්ටනියක් කියල.
කොහොම හරි හිටපු නගරාධිපති හීන්කෙන්දත් සජිත් ගේ මේ යෝජනාව සභාවට ගේන්න ඉඩ දුන්නේ නැ.ඒක තමයි ඇත්ත.
සජිත්ගේ යෝජනාව වුනේ මේ පිට්ටනියේ අයිතිය ගැන ඒ ගැන හරියට රාජ්‍ය ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් තහවුරු කරගන්න කියන මුලික කාරණය
කොහොම හරි හිටපු නගරාධිපති ගෙදර ගියා.
දැන් ඉන්න අලුත් නගරාධිපතිවරයාත් මහනගර සභාවට අයත් නමුත් වෙනත් අය විසින් අවභාවිතා කරමින් සිටින අයගෙන් නැවත ඒ දේපල ලබාගන්න වැඩේට ලොකු උනන්දුවක් නැද්ද කියන ප්‍රශ්ණයකුත් මතුවෙලා තිබුනා
කොටින්ම කියනව නම් කාමච්චෝඩේ ක්‍රිඩා පිට්ටනිය ඉක්මනින්ම මහනගර සභාවට පවරගන්න වැඩේට ලොකු උද්යෝගිමත් විදියට වැඩකරනවද කියන කරුණු ගැනත් විවිධ මත සමාජය තුල සංවාදයට ලක්වෙලා තිබුනා.
කොහොම වුනත් මිගමුවේ ක්රිඩාපිට්ටනි පවුලකට අයිති දේපලක් කියල හිතන් ඒවා තමන්ට විවිධ වාසි ලැබෙන විදියට හිතෙශිවන්තයට දුන්න යුගයක් මිගමුවේ තිබුනා.
දැවැන්ත ජන අරගලයකින් ඒ යුගය මිගමුවෙන් අතුගාලා දාන්න කටයුතු යෙදුනා.
ඒ පසුබිම තුල මිගමුවට අලුත් පාලනයක් බිහිවුනා.
මිගමුවේ සෙල්ලම් පිට්ටනි තියෙන්න ඕනා මිගමුව මහනගර සභාවේ පාලනය යටතේ .
ඒවායේ භුක්තිය බදුගෙවන ජනයාට සම අයිතියක් ලෙසින් බුක්ති විදින්න පුලුවන් තත්වයක් නිර්මාණය වෙන්න ඕනා.
දශක කීපයක් පුරාවට තනි පාසැලක් විසින් භුක්ති විදපු කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය ගැන අද ඉතාමත් වැදගත් යෝජනාවක් සජිත් මොහාන් මන්ත්‍රීවරයා මෙවර මහ සභාවට ගෙනල්ලා තියෙනව.
ඒක මහ සභාවට අරන් එන්න පුලුවන් විදියේ වපසරියක් මිගමුවේ නව නගරාධිපති චාමර ප්‍රනාන්දු හදල තිබුනා.ඒක ඇත්තටම වැදගත්.
දැන් තියෙන්නේ ඉතිහාසයේ පවුලක් කරපු වැරද්ද නිවරදි කරන එක.
කාමච්චෝඩේ තිබුන මාතෘ සායනය අස්සේ ශා.මරියා විදුහලේ ආදි ශිෂ්‍යයන්ට බිල්ඩින් ගහන්න ලංසාල දිල තිබුන ඉඩකඩ දැන් අහුරලා දාන්න කාලේ හරි.
කාමච්චෝඩේට යළිත් මාතෘ සායනයක් ඒ පරණ තැන ස්ථාපිත වෙන්න ඕනා.
කාමච්චෝඩේ පිට්ටනිය අවට පාසැල් වල දරුවන්ටත් සමසේ බුක්ති විදින්න පුලුවන් විදියට ඒ අයිතිය මහ නගර සභාව යටතට ගන්න ඕනා.
ඒ හින්ද අද මාලිමා පාලනයට වගේම විපක්ෂයටත් අද වැදගත් දවසක්.
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මහනගර සභා පාලනය යටතට ගන්න ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් අද තමන්ගේ වගකිම නිවරදි විදියට භාවිතා කරයි කියල අපි හිතනව.





















