ලේලිය ඝාතනය කළ මාමණ්ඩියාට විරෝධය පළකළ කාන්තාවන් අත්අඩංගුවට..

0
134

පසුගිය දිනක කටුනායකදි ලේලිය පුළුස්සා ඝාතනය කළ තිරිසන් මාමණ්ඩියාට එරෙහිව කටුනායක ප්‍රදේශයේ කාන්තාවන් පිරිසකගේ මුලිකත්වයෙන්  උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුනේ කොළඹ මීගමුව පාර ආසන්නයේදිය.
මේ විරෝධයට එක්වු කාන්තාවන් විසින් පාර අද්දර ටයරයක්ද පුළුස්සා දමා තිබුනේ මේ තිරිසන් ක්‍රියාවට එරෙහිව තමන්ගේ කැකෑරෙන විරෝධය මුදාහරිනු පිණිසය.
එහෙත් මින් කිපි ඇති සිදුව පොලිසිය විසින් මේ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනේ පාර අයිනේ විරෝධයක් සංවිධානය කර තිබුන නිසාය.
එපමණක්ද නොව මේ ටයර් පිළිස්සිම නිසා පාර පිච්චි ඇතැයි කියමින් රු 27000  වන්දියක්ද ගෙවන ලෙස මේ කාන්තාවන් තිදෙනා වෙත නියෝග කර ඇත.

1(1)

http://www.meepura.com/news/%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B7%80%E0%B7%94-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%80

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here