සිරස ලොක්කාට දෙසැ 11 දා උසාවි එන ලෙස නියෝගයක්……

0
152
39699_142995582393117_7816426_n සිරස මාධ්‍ය ආයතනයේ මුදල් යෙදවුම්කරු වන මහාරාජා හෙවත් රාජා මහෙන්ද්‍රන්ට මාතර උසාවිය හමුවේ පෙනි සිටින ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න විසින් අද (25) නොතිසි නිකුත් කරන ලදී.

අදාල නොතීසි නිකුත් කිරීම සදහා හේතු වි ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ දෙපිරිසක් අතර මාතර දී හටගත් ගැටුම ‘සිරස’ මාධ්‍ය ජාලය හරහා මාධ්‍ය ආචාර ධර්ම කඩ කොට ජනතාව ප්‍රකෝප වෙන අයුරින් විසුරුවා හැර ඇතැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර විසින් නඩුවක් ගොනු කිරීමය.

මෙම නඩුව මගින් මංගල සමරවීර ඉල්ලා ඇත්තේ ජනතාව ප්‍රකෝප වන අයුරින් හා සාමය කඩවන අයුරින් ‍මාධ්‍ය භාවිතා නොකරන ලෙසට වසර 2 ක කාලයක් සඳහා‍ බැඳුම්කරයකට ‘සිරස’ මාධ්‍ය ආයතනයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා යටත් කරවන ලෙසටයි.

මෙය සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම කරුණුවලින් සැහීමකට පත්වෙමින් රාජා මහෙන්ද්‍රන්ගෙන් බැදුම්කරයකට යටත් නොකිරීමට කරුණු ඇද්දැයි විමසීමට ලබන 11 වන දින මාතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරිමට නියෝග කළේය.
මුලාශ්‍රය -www.theindependent.lk

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here