පාප්තුමන්ගේ ගමන යෙදෙන කාලය තුල ජනපතිවරණයක් පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් ස්ථිර පිළිතුරක් ඉල්ලා කාර්දිනල් මැල්කම් රංජිත් හිමි විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද කිසිදු පිළිතුරක් නැතැයි රාවය පුවත්පත පසුගිය ඔක්තෝබර් 26 වනා සිය මුල් පිටු පුවතක් මගින් හෙළිකර සිටින ලදි.
කෙසේ වෙතත් දැන් සියල්ල තින්දු වි තිබේ.
එනම් වතිකානු සම්ප්‍රදායන්ට පටහැනිව පාප්තුමන්ගේ සංචාරය ලංකාව තුල සිදුවිමට නියමිතය.පාප්තුමන්ගේ ගමන දැන් ස්ථිර බව ගරු සිරිල් ගාමිණි පියතුමන් පසුගිය දිනක ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.












