ඉතාලියට සංක්‍රමණය වන පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීම පිණීස විරෝධතාවයක්

0
100
20150421_172334ලිබියාව හරහා යුරෝපයට සංක්‍රමණය වන බෝට්ටු දියේ ගිලීමෙන් සිදුවන මරණ වැලක්වා ගැනීම පිනිස මෙසීනා නගරයේ දිසාපති වෙත බල කරමින් විරෝධතාවක් පසුගිය 15 දින (15.04.2015) මෙසිනා දිසාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්විනි.
 ඉතාලියේ ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති වන CISL,CGL,ANOLF ආයතන හා ශ්‍රී ලංකා සංස්කෘතික සමාජය එක්ව මෙය සංවිධානය කර තිබිනි.මේ සඳහා ශ්‍රී ලාංකීකයන් මෙන්ම ඉතාලියේ වෙසෙන අනෙකුත් විදේශීය ජාතිකයින් එක්ව සිටියහ.
   ලිබියාව හරහා සිසිලි දූපතට ඇතුලුවන මෙම බෝට්ටු අතර මඟ මුහුදේ ගිලී යෑමෙන් සිදුවන මරණ දිනෙන් දින වාර්ථා වේ.මෙම අනතුරු වලින් සිදුවන මරණ වැලැක්වීම පිනිස මුදාගැනීමේ නාවික හමුදාවක් යොදා තිබිනි.
නමුත් එය යුරෝපා පාර්ලීමේන්තුව විසින් නවත්වා ඇත.මෙය නැවත ආරම්භ කිරීමට බල කරමිනි මෙය සංවිධානය කර තිබිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here