යුධ සමයේදි විපතටපත් මාධ්‍යවේදින් වෙනුවෙන් නිවාස ඉදිකිරිම ඇරඹේ.

0
117

20160327_19475220160327_194752

යුධ සමයේදි විපතට පත් මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස තනාදිමේ වැඩපිවෙල ඊයේ දිනයේදි යාපනයේ කොඩිකාමම් නගරයේදි ඇරඹිණි.යුද්ධය හේතුවෙන් අවතැන්ව 2009 මැයි මාසයේ 16 වනදා මුල්ලිවයිකාල් හි සිටියදි  ප්‍රහාරයකට ලක්ව සිටි මාධ්‍යවේදි  මදිවාගනම්ගේ බිරිඳ දැන් සිටින්නේ  ජිවිතේ යළි කිසිදාක නැගිට ඇවිදිමට නොහැකි තත්වයකට පත්වය.අැය ප්‍රහාරයකට ලක්වන අවස්ථාවේ නිවුන් දරුඋපතක් බලා සිටි පස්මස් ගැබණියක් වුවාය.එහෙත් ඇයට බිහිකරන්නට වුයේ කුසතුලදිම මියගොස් සිටි ඇයගේ කුළුඳුල්නිවුන් දරුවන්ය.ඊයේ දිනයේ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමැති කරුණාරන්ත පරණවිතාන මහතා විසින් නිවසක් ඉදිකරන්නට මුල්ගල තැබුනේ ජිවිතයේ එලෙසින් අන්ත අසරණ තත්වයකට පත්ව සිටින මාධ්‍යවේදි පවුලක් වෙනුවෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here