පොලීසිය අසලින් හමුවූ ළදරුවෙක්

0
148


අලුත උපන් බිළිදෙකු අතහැර දමා ගොස් මීගමුව පොලීසිය අසලින් මැයි 16 වනදා හමුවිය. ඉපදී දින 02ක් යැයි අනුමාන කරන මෙම පිරිමි දරුවාව දමා ගොස් තිබුණේ  මීගමුව පොලීසිය ආසන්නයේ 03 වැනි හරස් වීදියේ පවත්වාගෙන යන හෝටලයක් පිටුපසින් ඇති දොර සමීපයේය. පසුගිය මැයි 16 වනදා සවස මෙම හෝටලය වසා දැමීමට  යාමේදී
හෝටලය පිටුාපස දොර සමීපයේ ඇති පාර්සලයක්  පරීක්ෂා කිරීමේදී මේ ළදරුවාව හමුවී තිබේ.

ඒ අනුව මීගමුව  පොලීසියේ ළමා හා කාන්තා කාර්්‍යාංශයෙන් එදින රාත‍්‍ර‍්‍රී  10.30 ට පමණ පෙර  මෙම ළදරුවාව රෝහල් ගතකර තිබේ.
උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දරුවාව පානදුර ප‍්‍රජා ගෝතමී ළමා නිවාසයට යොමු කරන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here