අල්ලස් හා දූෂණ කොමිෂමෙන් අද හෙටම අත්අඩංගුවට ගන්නා නි.ඇමති කවුද?

0
140
IMG_1292
මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ඊයේ (26)  වනදා ප්‍රකාශ කරන්නට යෙදුණේ වර්තමාන රජයේ  නි.ඇමතිවරයෙක්  ළගදීම අල්ලස් හා දූෂණ කොමිෂම විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සියයට අනූවක පමණ පරීක්ෂණ සිදුකර අවසන් බවද ඔහු පැවසීය.  මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජනතාව අතර විවිධාකාරයේ සැක පහළ වී ඇති අතර විමර්ෂන කටයුතු වලට බාධා සිදුවන බැවින් ඔවුන් කවුදැයි දැන්මම සඳහන් කළ නොහැකි බව අප කළ විමසුමකදී  නි. අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවේදී රන්ජන් රාමනායක මහතා විසින් මීපුර කර්තෘ පෙඩී ගමගේට සිදුවූ ප්‍රහාරය සම්බන්ධවද ප්‍රකාශයක් සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here