වැල්ලවිදියේ ”ඇරෝමා” ගැන FB එකේ කියන කථා සහ නොකියන කථා ?

0
37

වැල්වීදියේ ඇරෝමා මංජු අයියා ගැන කම්පාවෙන් සටහන් කිපයක්ම මේවන විටත් මුහුණු පොතට එකතු වෙමින් තිබේ.
ඒවාට අනුව මංජු යනු හිතහොද එකෙකි.
ඔහුට වලකපන්නේ අනිත් උන්ය.
ඔහුට බොහෝ දෙනෙක් පොලු තියා ඇති බවද එහි සදහන්ය.
ඔහු විකුණන්නේ ආර්පිකෝ අරක්කු යැයි ද කියැවේ.
හොර අරක්කු කියන්නේ මොනවාදැයි දැනගන්නටද මහත් උවමනාවක් ඔවුන් තුල වෙයි.
නීතියට පිටින් සිදුකරන සියළු දැ හොර වැඩ යැයි අප දනිමු.
මීගමුව නීතියට පිටින් යමින් පතාලකරණය කරා ගෙනයාමට මුල් අඩිතැබුවේ හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුද වු ආනන්ද මුණසිංහ විසිනි.
පසුව එය පිමි පණිමින් ඉදිරියට ඇදෙන්නේ ලංසා පවුලේ පාලනයට මීගමුව නතුවු පසුවය.
ඇරෝමා මංජුලලා ඒ සමයේ පාලනය වන්නේ නීතියට පිටිනි.
එනම් ලංසා පවුල විසින් මීගමුවට හදුන්වාදෙනු ලැබු අනිතික පාලනය විසිනි.
රාජ්‍යයට අයත් වැල්ල ඔවුන් පල්ලියට දෙයි.
ඉන්පසුව ඒ වැල්ලේ ටෙන්ඩරය සිය පියාට රිසිසේ හම්බකරගැනිමට ලබාදෙයි.
වැල්ලේ ඇති කුඩා කඩවලින් කප්පම් ගැනිම නිතියක් සේ සලකයි.
පොලිසිය හෝ නගර සභාව මීක් නොකියයි.
මංජුලලා නිතිය ගැන වගක් වත් නැතිව රිසිසේ ලයිසන් නැතුව ගජරාමෙට අරක්කු විකුණයි.,
දැන් අප කළ යුතුව අැත්තේ මීගමුව යළිත් නිතියේ පාලනයට ගෙන ඒමය.
මංජුලලා තවදුරටත් විකුණන අරක්කු හොර ඒවාද නැතිද යන්න තින්දු වන්නේ එවිටය.tmp_11412-image-0-02-06-b25e400bda7339c87bfc2e9ee6af72fabb1ac4e47d774cbfbbcd8b3d6ca09315-V-263623805aroma 1