spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පහ පොහොට්ටුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් මාධ්‍යවේදියෙකුට මරණ තර්ජනය කරලා

Must read

ABC-sisira-kuruppu-800x445

මාළු අලවි සැලකට පොහොට්ටු මන්ත්‍රීවරුන් ගැටෙති” පුවත සම්බන්ධයෙන්

ගම්පහ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී වරුන් තිදෙනෙකු විසින් ප්‍රාදේශීය සභා රැස්වීම අවසන් වීමෙන් පසු පැමිණ තමන්ට බැන මරණ තර්ජනය කල බව ගම්පහ දිවයින පුවත් වාර්තාකරු සිසිර කුරුප්පු මහතා සදහන් කරයි.වසර 25 ක් පමණ ගම්පහ ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු වෙනුවෙන් තම කාර්ය ඉටුකළ සිසිර කුරුප්පු මහතාට මෙවන් තර්ජනයක් කිරීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව තම දැඩි විරෝධය පළකරයි .

සිද්ධියට සම්බන්ධවී ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සභාවේ සංජීව ජයකොඩි ,කුමුදු ප්‍රියදර්ශන ,අංජන ශ්‍රීනාත් යන මන්ත්‍රීවරුන් තිදෙනාය ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් බලසිටියෙදී ගම්පහ ප්‍රාදේශීය සභාවේ ඇතුලත ස්ථානයකට කැදවා මෙම තර්ජනය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී සිසිර කුරුප්පු මහතා අදාල පොහොට්ටු මන්ත්‍රීවරුන් තිදෙනාට එරෙහිව පරුෂ වචනයෙන් බැන මරණ තර්ජනය කල බවට ගම්පහ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා ඇත.

සිද්ධිය වාර්තාවන පරිදි මෙසේය ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගනේමුල්ල නගරයේ එකම ස්ථානයක මාළු අලවි සැල් දෙකක් ආරම්භ කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් මත මෙම තර්ජනය කර ඇත ගනේමුල්ල නගරයේ ස්ථානයක නගර සභාවේ තවත් මන්ත්රී වරයෙකු දීර්ඝ කාලයක සිට මාළු අලවි සැල පවත්වාගෙන ගොස් ඇත අනතුරුවව තවත් නාගරික මන්ත්‍රීවරයෙකු එම ස්ථානයේම තවත් මාළු අලවි සලක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත අනතුරුව මෙම ආරවුල ගනේමුල්ල පොලිස්ථානයට අතර මෙම සිදුවීම ඇති තතු නිවැරදිව වාර්තා කරමින් පුවත් වාර්තාවක් ඊට පසුදින වාර්තා කිරීමට සිසිර කුරුප්පු මහතා කටයුතු යොදන ලදී.

“මාළු අලවි සැලකට පොහොට්ටු මන්ත්‍රීවරුන් ගැටෙති” යන මාතෘකාව යටතේය අදාල මන්ත්‍රීවරුන් තිදෙනා ගම්පහ ප්‍රදේශයේ නමගිය මැර දේශපාලන චරිතයක් සමග ලගින් ඇසුර පවත්වන බවට වාර්තා වේ ඇත එම දේශපාලකයට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකත්වය නොලැබුණු අතර තම බිරිද පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් කරන ලදී එම හිටපු මන්ත්‍රීවරයාගේ පුර්ණ ආශීර්වාදය මත මෙම පොහොට්ටු මන්ත්‍රීවරුන් තිදෙනා මාධ්‍යවේදියෙකුට තර්ජනය කරමින් ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කිරීම තොරතුරු දැනගැනීමේ පනත කෙතරම් දුරට ක්‍රියාත්මක වනවාදැයි විමසිය යුතු කාරණයකි
www.lankaabcnews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article